20
නැඟෙනහිර අප්‍රිකානු රටක් වන මුරුසි රාජ්‍යයේ අදට යෙදී ඇති ජාතික දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීම සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ මුරුසි රාජ්‍යය බලා පිටත් වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. වසර 1992 මාර්තු මස 12 වැනිදා ජනරජයක් බවට පත්වූ මුරුසි රාජ්‍යයේ අගමැති නවීන් චන්ද්‍ර රාම්ගූලම්ගේ ඇරයුමකට අනුව ඉන්දීය අගමැතිවරයා එම සංචාරයට එක්වූ බව ද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. මුරුසි රාජ්‍ය ජාතික දින සැමරුම් උත්සවය සඳහා ඉන්දීය ආරක්ෂක හමුදා කණ්ඩායමක් ද සහභාගි වන අතර, නාවික හමුදාවට අයත් නෞකාවක් ද ඊට ඇතුළත් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් ප්‍රකාශ කළ බව එරට මාධ්‍ය සඳහන් කරයි.