Home World News Room : මුරුසි රාජ්‍යයේ ජාතික දිනය අදයි

News Room : මුරුසි රාජ්‍යයේ ජාතික දිනය අදයි

0
0

නැඟෙ­න­හිර අප්‍රි­කානු රටක් වන මුරුසි රාජ්‍යයේ අදට යෙදී ඇති ජාතික දින සැම­රුම් උත්ස­වයේ ප්‍රධාන ආරා­ධි­තයා ලෙස සහ­භාගි වීම සඳහා ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි ඊයේ මුරුසි රාජ්‍යය බලා පිටත් වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. වසර 1992 මාර්තු මස 12 වැනිදා ජන­ර­ජ­යක් බවට පත්වූ මුරුසි රාජ්‍යයේ අග­මැති නවීන් චන්ද්‍ර රාම්ගූ­ලම්ගේ ඇරයු­ම­කට අනුව ඉන්දීය අග­මැ­ති­ව­රයා එම සංචා­ර­යට එක්වූ බව ද ඉන්දීය මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.  මුරුසි රාජ්‍ය ජාතික දින සැම­රුම් උත්ස­වය සඳහා ඉන්දීය ආර­ක්ෂක හමුදා කණ්ඩා­ය­මක් ද සහ­භාගි වන අතර, නාවික හමු­දා­වට අයත් නෞකා­වක් ද ඊට ඇතු­ළත් බව ඉන්දීය විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශයේ ප්‍රකා­ශක රන්දීර් ජයි­ස්වාල් ප්‍රකාශ කළ බව එරට මාධ්‍ය සඳ­හන් කරයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here