28
සටන් විරාමයක් සඳහා යුක්‍රේනය එකඟතාවය පළ කර තිබේ.
යුක්‍රේන සහ අමෙරිකානු නියෝජිතයින් සෞදි හී දී ඊයේ (11) පැවති සාකච්ඡාවක දී මෙම එකඟතාවය පළකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒ අනුව දින 30ක කාලයක සටන්විරාමයක් සඳහා යුක්‍රේනය එකඟතාව පළ කර ඇති බව සඳහන්ය.
කෙසේවෙතත් සටන් විරාමය පිළිබඳව රුසියාවේ අදහස මෙතෙක් පළ කර නොමැත.