9
කුමාර් සංගක්කාරගේ නොදැවුණු සුපිරි ශතකය හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ හිටපු විශිෂ්ටයන් ගැටෙන ජාත්‍යන්තර ප්රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියේ (International Masters League) එංගලන්තයට එරෙහිව පැවති මූලික වටයේ සිය අවසන් තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම සමත් විය.
මේ සමඟ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් අවසන් පූර්ව වටයට එක්වීමට ද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.
පෙරේදා රායිපූර්හී ෂහීඩ් වීර් නාරායන් සිං ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත මාස්ටර්ස් පිල ලකුණු 146කට සීමා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕවර 12.5කදී ජය තහවුරු කර ගත්තේ කඩුල්ලක් පමණක් දැවී තිබියදීය.
විශිෂ්ට පිතිහරඹයක නිරත වූ නායක කුමාර් සංගක්කාර පන්දු 47ක් පමණක් වැය කරමින් නොදැවී ලකුණු 106ක් රැස් කළේ හතරේ පහර 19ක් සහ හයේ පහරක් සමඟිනි. සංගක්කාර සමඟින් ඉනිම ඇරඹූ රොමේෂ් කළුවිතාරණ ලකුණු 16ක් රැස් කර සිටියදී දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යාව 108ක් විය. අනතුරුව සංගක්කාරට එක්වූ අසේල ගුණරත්න නොදැවී ලකුණු 22ක් ඉනිමට එක් කළේය.
ෆිල් මස්ටඩ් පන්දු 39කින් ලකුණු 50ක් රැස් කරමින් පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, වෙනත් කිසිදු පිතිකරුවකුට ලකුණු 20 සීමාවට පිවිසීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් නොලැබිණි. පන්දු යැවීමේදී ඉසුරු උදාන, අසේල ගුණරත්න, ජීවන් මෙන්ඩිස්, චතුරංග ද සිල්වා සහ දිල්රුවන් පෙරේරා කඩුල්ල බැගින් දවා ගත්හ.
තරග 5කින් 4ක් ජයගත් සත්කාරක ඉන්දියාව දෙවැනි තැනින් මූලික වටය නිමා කර තිබේ.
තෙවැනි සහ සිව්වැනි ස්ථාන ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් හිමිකර ගෙන සිටින අතර, එම කණ්ඩායම් දෙකටම මූලික වටයේ තවත් තරගයක් ඉතිරිව තිබේ.
ඒ අනුව කොදෙව් පිල ඊයේ රාත්‍රියේ දකුණු අප්‍රිකාව (5 වැනි තැන) සමඟ තරග වැදීමට නියමිතව තිබූ අතර, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර අද (12) පැවැත්වෙන තරගයෙන් මූලික වටය නිමා වෙයි.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා පිලේ ප්‍රතිවාදීන් තීරණය වන අතර, පළමු ස්ථානයේ සිටින (ශ්‍රී ලංකාව) කණ්ඩායම සමඟින් සිවුවැනි ස්ථානයේ සිටින කණ්ඩායම අවසන් පූර්ව තරගයට එක්වනු ඇත. අනෙක් තරගය දෙවැනි සහ තෙවැනි ස්ථාන අතර පැවැත්වේ. පළමු අවසන් පූර්ව තරගය හෙටත් (13), දෙවැනි තරගය 14 වැනිදාත් පැවැත්වීමට නියමිතය.
එංගලන්ත මාස්ටර්ස් – 146/5 (ඕවර 20) ෆිල් මස්ටඩ් 50, ටිම් බ්‍රෙස්නන් නොදැවී 18 (ඉසුරු උදාන 21/1, අසේල ගුණරත්න 21/1, ජීවන් මෙන්ඩිස් 22/1, චතුරංග ද සිල්වා 24/1, දිල්රුවන් පෙරේරා 29/1)
ශ්‍රී ලංකා මාස්ටර්ස් – 218/9 (ඕවර 20) කුමාර් සංගක්කාර නොදැවී 106, අසේල ගුණරත්න නොදැවී 22, රොමේෂ් කළුවිතාරණ 16
නිරෝෂාන් ප්‍රියංකර