Home Politics News Room : අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය 15දා විවෘත කරනවා අගමැතිනි ආචාර්ය හරිනි...

News Room : අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය 15දා විවෘත කරනවා අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය

0
0

 

වසා දමා ඇති අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය මෙම මස 15 වැනිදා අධ්‍යයන කටයුතු සඳහා විවෘත කරන බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (12) ප්‍රකාශ කළාය.

අගමැතිනිය මේ බව සඳහන් කළේ සර්වජන බලය පක්ෂයේ පත් කළ මන්ත්‍රී දිලිත් ජයවීර ස්ථාවර නියෝග යටතේ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

අගමැතිවරිය මෙසේද කීවාය.

විශ්වවිද්‍යාලයේ පැවති නවක වධ හා වෙනත් විනය කටයුතු මත පසුගිය වසරේ ජූලි මස 19 වැනිදා වසා දැමුණා. පවතින තත්ත්වය සම්බන්ධයෙන් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ මා සමඟ කතා කළා.

සාකච්ඡා අනුව අධ්‍යයන කටයුතු යළි ආරම්භ කරන්න උන්වහන්සේ එකඟතාව පළ කළා. විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ඉදි කර තිබූ අට්ටාලය ඉවත් කර ගැනීමටත් උන්වහන්සේ එකඟ වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here