Home World News Room : කෘත්‍රිම බුද්ධියෙන් මහමැතිවරණයට බලපෑම් කිරීමේ ජාත්‍යන්තර සැලසුමක්

News Room : කෘත්‍රිම බුද්ධියෙන් මහමැතිවරණයට බලපෑම් කිරීමේ ජාත්‍යන්තර සැලසුමක්

0
0

කැනඩාවේ පැවැත්විමට නියමිත මීළඟ මහමැතිවරණයට බලපෑම් කිරීමට සහ ඡන්දදායකයන් නොමඟ හැරීමට චීනය, රුසියාව සහ ඉරානය ඇතුළු රටවල් කිහිපයක් කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීමට ඉඩ ඇතැයි කැනේඩියානු සයිබර් බුද්ධි ඒකකය අනතුරු ඇඟවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පිටු 28කින් සමන්විත වාර්තාවක් ඉදිරිපත් කරමින් කැනඩාවේ සයිබර් බුද්ධි ඒකකය රජයට දැනුම් දී ඇත්තේ කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් එම රටවල් කැනඩාවේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සහ ඡන්ද භාවිතයට බලපෑම් එල්ල කිරීමට වැඩි ඉඩකඩ පවතින බවට තොරතුරු වාර්තා වී ඇති බවය. එම කෘත්‍රිම බුද්ධි මෙහෙයුම සම්බන්ධව දැඩි අවධානයෙන් පසුවන ලෙස සයිබර් බුද්ධි ඒකකය කැනඩාවේ සියලු දේශපාලනඥයන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

පසුගියදා කැනඩාවේ ලිබරල් පාලක පක්ෂයට නව නායකත්වයට සහ කැනඩාවේ අගමැති ධුරයට පත්වූ මාක් කාර්නිට මහමැතිවරණය ලබන ඔක්තෝබර් මස 20 වැනිදාට පෙර ඕනෑම දිනයක පැවැත්වීමට බලය ඇති බවත්, ඔහු ඉතා කෙටි කාලයකදී මහමැතිවරණය කැඳවීමට ඉඩ ඇති බවත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here