1
පාකිස්තානයේ ප්‍රාන්ත කිහිපයක ත්‍රස්තවාදය සහ සන්නද්ධ ගැටුම් වර්ධනය වීම හේතුවෙන් එරට සංචාරය කිරීමෙන් වළකින ලෙස අමෙරිකානු රජය සිය පුරවැසියන්ට උපදෙස් ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව එම උපදෙස් සපයා ඇත්තේ ඉන්දීය – පාකිස්තාන දේශ සීමාවේ සහ බලුකිස්තාන සහ කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තවල උද්ගත වී ඇති ගැටුම්කාරී වාතාවරණය සැලකිල්ලට ගනිමින් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
මේ වනවිටත් බලුකිස්තානයේ සන්නද්ධ ගැටුම් උග්‍ර වී ඇති බැවින් සංචාරකයන්ට ආරක්ෂාව සම්බන්ධව සැලකිය යුතු අවදානමක් මතු වී ඇතැයි ද, අඛණ්ඩව සිදුවන ත්‍රස්ත ක්‍රියාකාරකම් සහ හමුදා ගැටුම් බහුලව පවතින එවැනි ප්‍රාන්තවල සංචාරය කිරිම පිළිබඳ නැවත සලකා බලන ලෙසත් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය පුරවැසියන්ට නිකුත් කළ උපදේශමාලාවේ සඳහන් වන බව වාර්තා වේ. එවැනි අධි අවදානම් ප්‍රාන්තවල සංචාරය කිරීමේදී ආරක්ෂාව සහතික කළ නොහැකි බවත් එහි සඳහන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.