21
වල් ඌරා සහ ඉත්තෑවා ජාතික ජන බලවේගයේ සාමාජිකයන්ද යන ගැටලුව තමන්ට ඇතිවූ බවත් එම සතුන් දෙදෙනා වගා හානි සිදු කරන ලැයිස්තුවේ නැති බවත් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (12) ප්‍රකාශ කළේය.
එම සතුන් දෙදෙනා වගාවන්වලට විශාල හානියක් සිදුකරන බවද නලින් බණ්ඩාර මහතා පැවසීය. එමෙන්ම බිත්තර කර්මාන්තය සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ නලින් බණ්ඩාර ජයමහ මහතා බිත්තර සඳහා පනවනු ලබන වැට් බද්ද වහා ඉවත් කරන ලෙසද ඉල්ලා සිටියේය.
2025 වසර සඳහා වන අය වැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
මඩ සෝදාගත් කළ ගොවියා රජකමටත් සුදුසුයි කියලා කතාවක් තිබෙනවා. ගොවි ජනතාව කියන්නේ අතිශය වැදගත් පිරිසක්. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ගෙදර යන්න වුණේ පාදෙණියලා එකතු වෙලා කරපු කාබනික පොහොර සිදුවීම නිසා. ඒ විනාශය අද වනතෙක්ම අවසන් කරගන්නට බැරිවී තිබෙනවා.