Home Sport News Room : විකුම් සංජය ශ්‍රී ලංකන් ලයන්ස් දිනවයි

News Room : විකුම් සංජය ශ්‍රී ලංකන් ලයන්ස් දිනවයි

0
0

විකුම් සංජයගේ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් ආසියානු ලෙජන්ඩ්ස් ලීග් (Asian Legends League 2025 / ALL T20) විස්සයි20 ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (12) පස්වරුවේ ඇෆ්ගනිස්තාන් පතාන්ස් පිලට එරෙහිව පැවති තරගය ලකුණු 13කින් ජය ගැනීමට ශ්‍රී ලංකන් ලයන්ස් පිල සමත් විය.

ඉන්දියාවේ උදයපූර්හි පැවති තරගයේ දී ශ්‍රී ලංකා පිල දුන් ලකුණු 170ක ඉලක්කය හමුවේ ඇෆ්ගන් පිලට ඕවර 19.1කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 156ක් පමණි. මවුසිබ් ඛාන් ලකුණු 31ක් සහ නායක අස්ගාර් ඇෆ්ගන් පන්දු 42කින් වේගවත් ලකුණු 69ක් රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට උත්සාහ කළත් එය අසාර්ථක වූහ. පන්දු යැවීමේදී විකුම් සංජය කඩුලු 4ක් සහ උපුල් ඉන්ද්‍රසිරි කඩුලු 3ක් දවා ගත්හ.

ලකුණු 35ක් රැස් කළ රවීන් සේයර් ලයන්ස් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, ලියෝ ෆ්‍රැන්සිස්කෝ ලකුණු 31ක්, තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 29ක් සහ විකුම් සංජය පන්දු 12කින් ලකුණු 25ක් ඉනිමට එක් කළහ.

ශ්‍රී ලංකන් ලයන්ස් පිල අද (13) පස්වරු 2.30ට ඒෂියන් ස්ටාර්ස් පිලට එරෙහිව මූලික වටයේ තෙවැනි තරගයට එක් වෙයි.

නිරෝෂාන් ප්‍රියංකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here