Home Politics News Room : බටලන්ද ගැන දින දෙකක පාර්ලිමේන්තු විවාදයක්

News Room : බටලන්ද ගැන දින දෙකක පාර්ලිමේන්තු විවාදයක්

0
0

බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිවරයා වෙත යොමුකිරීමටත් එම වාර්තාව පිළිබඳව දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමටත් රජය තීරණය කර ඇත.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් පාර්ලිමේන්තුවට අද(14) ඉදිරිපත් කළ අතර මෙම වාර්තාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවද සභානායකවරයා පැවසීය.

ඒ අනුව මෙම වාර්තාව කඩිනමින් නීතිපතිවරයා වෙත යොමු කිරීමට තීරණය කර තිබේ. මෙම කොමිෂන් සභා වාර්තාව පිළිබඳව ඉදිරි කටයුතු කිරීම සඳහා උපදෙස් යෝජනා කිරීමටත් ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කිරීමටත් තීරණය කර ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here