අමෙරිකාවේ දකුණු කැලිෆෝනියාවේ ළමා රෝහලකට ආයුධ සන්නද්ධ පුද්ගලයකු ඇතුළුවූ බවට ලැබුණු දුරකතන ඇමතුමක් අනුව එම රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි සියලු දරුවන් සහ කාර්ය මණ්ඩලය ඉවත් කර පූර්ණ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බව පොලිසිය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලෝමා ලින්ඩා නමැති එම ළමා රෝහලේ දරුණු වෙඩි තැබීමක් සිදුවීමට ආසන්න බවට කිසිවකු විසින් පොලිසියට දුරකතන ඇමතුමක් ලබා දී ඇති බවත්, සෝදිසි මෙහෙයුමෙන් එවැනි කිසිදු තර්ජනයක් හෙළි නොවූ බවත් දකුණු කැලිෆෝනියා ශෙරිෆ් කාර්යාලය ප්‍රකාශ කර තිබේ.
වෙඩි තැබීමක් හෝ කිසිවකු තුවාල ලැබීමක් සිදුවී නැති බවත්, සැක කටයුතු කිසිදු පුද්ගලයකු එහි නොසිටි බවත් ශෙරිෆ් කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කළ බව වාර්තා වේ. එය ව්‍යාජ දුරකතන තර්ජනයක් බව හෙළිවීමෙන් පසු දුරකතන ඇමතුම දුන් පුද්ගලයා සොයා ගැනීමට විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.
The post වෙඩි ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමකින් කැලිෆෝනියාවේ ළමා රෝහලක් හිස් කරයි appeared first on දිනමිණ.