6
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය ඇතිව සංවිධාන කරන අවුරුදු 19න් පහළ දෙවැනි කොටස ටියර් ‘ඒ’ අන්තර් පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (14) මග්ගොන සරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
එහිදී වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විදුහල සමඟින් හොරණ තක්ෂිලා මධ්‍ය මහා විදුහල තරග වදියි.
වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විදුහල පළමු වටයේදී තම කාණ්ඩයේ ශූරයන් ලෙසින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර, එහිදී පානදුර රාජකීය විදුහලත්, අවසන් පූර්ව වටයේදී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල පරදවමින් අවසන් තරගයට එක් විය.
පළමු වටයේ තම කාණ්ඩයේ අනුශූරයන් ලෙස අර්ධ අවසන් පූර්ව වටයට එක්වූ තක්ෂිලා මධ්‍ය මහා විදුහල එහිදී පන්නිපිටිය ධර්මරාජ විදුහලත්, අවසන් පූර්ව වටයේදී අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලත් පරදවමින් මේ තරගයට සුදුසුකම් ලැබීය.
හොරණ තක්ෂිලා මධ්‍ය මහා විදුහල් පිල
සාන්ත ජෝසප් වාස් විදුහල් පිල කවිත් ෂෙහාර ප්‍රනාන්දු විසින්ද තක්ෂිලා මධ්‍ය මහා විදුහල් පිල චමෝද් මිහිරාන් විසින් ද මෙහෙයවනු ලබති.
වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයීය සංචිතය: කවිත් ෂෙහාර ප්‍රනාන්දු (නායක), එෂාන් මිහිරංග (උප නායක), ඉෂාර ප්‍රනාන්දු, ඩේමියන් ප්‍රසංසන, සාවියෝ ප්‍රනාන්දු, ආකර්ෂ වර්ණකුලසූරිය, හිමාල් රවිහංස, කාවින්ද රත්නායක, ඉඳුවර ජයසේකර, නේතන් ප්‍රනාන්දු, දෙනුවන් පෙරේරා, මතිෂාන් ප්‍රනාන්දු, රනීෂ නිම්සර, තන්තුල ලියනගේ, ගිම්සර කරුණාරත්න, කෞෂාන් හේරත්, මෙන්තුස ප්‍රනාන්දු, රන්දීර් දිනේෂ් මහතා (කණ්ඩායම භාර ආචාර්ය), දෙනුවන් රාජකරුණා මහතා (ප්‍රධාන පුහුණුකරු), ධනුක පීරිස් මහතා (සහාය පුහුණුකරු).
හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයීය සංචිතය: චමෝද් මිහිරාන් (නායක), රශාන් දීමන්ත (උප නායක), සන්දිත් රණවීර, ඔෂධ උඩවත්ත, කුවිඳු මධුභාෂ, තිළිණ වික්‍රමසිංහ, ළසිඳු දිලංග, කුෂාන් තීක්ෂණ, යසිරු රත්නායක, යොමාෂ් යසිත්, ටෙනූෂ යාපා, සනිරු දම්සත්, ධනීෂ පරණගමගේ, අර්චන පෙරේරා, යසිත ආටිගල මහතා (කණ්ඩායම් භාර ආචාර්ය), මනෝජ් චානක මහතා (ප්‍රධාන පුහුණුකරු), කුමේෂ් උමින්ද මහතා (සහාය පුහුණුකරු).