Home World News Room : අට හැවි­රිදි දැරි­යක දූෂ­ණ­යට ලක්වී මිය යෑමෙන් බංග්ලා­දේ­ශයේ විරෝ­ධතා...

News Room : අට හැවි­රිදි දැරි­යක දූෂ­ණ­යට ලක්වී මිය යෑමෙන් බංග්ලා­දේ­ශයේ විරෝ­ධතා පැතිරේ

0
0

බංග්ලා­දේ­ශයේ බට­හිර මගුරා දිස්ත්‍රි­ක්ක­යේදී බර­ප­තළ ලෙස දූෂ­ණ­යට ලක්වී රෝහ­ල්ගත කළ අට හැවි­රිදි දැරි­යක ජීවි­ත­ක්ෂ­යට පත්වී­මත් සමඟ රට පුරා විරෝ­ධතා ව්‍යාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මගුරා නුවර පිහිටි සිය වැඩි­මහල් සොහො­යු­රි­යගේ නිවෙසට ගිය දැරිය එහිදී සොහො­යු­රි­යගේ සැමියා, පියා සහ තවත් සොහො­යු­රකු විසින් බර­ප­තළ ලෙස දූෂ­ණ­යට ලක් කර ඇතැයි ද, පසුව ඩකා නුවර හමුදා රෝහලේ ප්‍රති­කාර ගනි­මින් සිටි­යදී මිය ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. දැරිය මිය යෑමෙන් පසුව බංග්ලා­දේ­ශය පුරා විරෝ­ධතා පැතිරී ගොස් ඇති අතර, විරෝ­ධ­තාවේ නිරත වූ පිරි­සක් සැක­ක­රු­වන්ගේ නිවෙස ගිනි­බත් කර ඇතැයි ද වාර්තා වේ. විරෝ­ධතා මැඬ පැවැ­ත්වීම සඳහා මහ­ජන ඒක­රා­ශි­වීම් සහ විරෝ­ධතා තහ­නම් කිරී­මට පොලී­සිය පිය­වර ගෙන තිබූ බවත්, ප්‍රධාන සැක­කරු ඇතුළු සිවු­දෙ­නකු අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර ඇති බවත් බංග්ලා­දේ­ශයේ ඩකා ට්‍රිබි­යුන් පුවත් සේවය වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here