18
බංග්ලාදේශයේ බටහිර මගුරා දිස්ත්‍රික්කයේදී බරපතළ ලෙස දූෂණයට ලක්වී රෝහල්ගත කළ අට හැවිරිදි දැරියක ජීවිතක්ෂයට පත්වීමත් සමඟ රට පුරා විරෝධතා ව්‍යාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මගුරා නුවර පිහිටි සිය වැඩිමහල් සොහොයුරියගේ නිවෙසට ගිය දැරිය එහිදී සොහොයුරියගේ සැමියා, පියා සහ තවත් සොහොයුරකු විසින් බරපතළ ලෙස දූෂණයට ලක් කර ඇතැයි ද, පසුව ඩකා නුවර හමුදා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී මිය ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. දැරිය මිය යෑමෙන් පසුව බංග්ලාදේශය පුරා විරෝධතා පැතිරී ගොස් ඇති අතර, විරෝධතාවේ නිරත වූ පිරිසක් සැකකරුවන්ගේ නිවෙස ගිනිබත් කර ඇතැයි ද වාර්තා වේ. විරෝධතා මැඬ පැවැත්වීම සඳහා මහජන ඒකරාශිවීම් සහ විරෝධතා තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබූ බවත්, ප්‍රධාන සැකකරු ඇතුළු සිවුදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් බංග්ලාදේශයේ ඩකා ට්‍රිබියුන් පුවත් සේවය වාර්තා කළේය.