16
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් (එන්එස්එල්) සිවුදින තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායම ඊයේ සමත් විය.
යාපනය කණ්ඩායම සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී කොළඹ පිල ලකුණු 87ක ජයක් වාර්තා කළ අතර, හම්බන්තොට පැවති ගාල්ල සහ මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට විය.
ගාල්ලේ පැවති තරගයේදී කොළඹ පළමු ඉනිමට රැස් කළ ලකුණු 386ට පිළිතුරු ලෙස යාපනයට රැස්කළ හැකි වූයේ ලකුණු 246ක් පමණි. ලකුණු 140ක් ඉදිරියෙන් දෙවැනි ඉනිම ඇරඹූ කොළඹ පිල කඩුලු 6ක් දැවී තිබියදී ඉනිම අත්හිටුවන විට ලකුණු 313ක් රැස් කර තිබිණි. ඒ අනුව යාපනයට ලකුණු 454ක ඉලක්යක් හිමිවූ අතර, ඔවුන්ට සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 366ක් පමණි.
ජයග්‍රාහී කොළඹ පිල වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු (144) ශතකයක් රැස් කළ අතර, නිශාන් පීරිස් යාපනය පළමු ඉනිමේ කඩුලු 5ක් බිඳ දමමින් දස්කම් දැක්වීය. රවිඳු රසාන්ත යාපනය දෙවැනි ඉනිමේදී ශතකයක් (107) රැස් කරමින් තරගය බේරා ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය. යාපනය වෙනුවෙන් ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු 8ක් (86/6 හා 85/2) බිඳ දමමින් දස්කම් දැක්වීය.
මේ අතර හම්බන්තොට පැවති තරගයේ පළමු ඉනිම ජය ගැනීමට ගාල්ල කණ්ඩායම සමත් විය. මේ තරගයේදී නිපුන් ධනංජය (137), රමේෂ් මෙන්ඩිස් (121) සහ පසිඳු සූරියබණ්ඩාර නොදැවී ලකුණු 102ක් ගාල්ල වෙනුවෙන් ශතක රැස් කළ අතර, කමිල් මිෂාර මහනුවර ඉනිමට නොදැවී ලකුණු 158ක් එක් කළේය.
කොළඹ – යාපනය
කොළඹ පළමු ඉනිම – 386 (ඕවර 95) අවිශ්ක ප්‍රනාන්දු 144, කවින් බණ්ඩාර 77, චරිත් අසලංක 51 (ජෙෆ්රි වැන්ඩර්සේ 86/6, මුර්වින් අබිනාෂ් 93/2) සහ දෙවැනි ඉනිම – 313/6 (ඕවර 58) ඉනිම අත්හිටුවන ලදි. ධනංජය ලක්ෂාන් 75, කවින් බණ්ඩාර 57, දුෂාන් හේමන්ත නොදැවී 58 (මුර්වින් අබිනාෂ් 63/2, ජෙෆ්රි වැන්ඩර්සේ 85/2, නිමේෂ් විමුක්ති 92/2)
යාපනය පළමු ඉනිම – 246 (ඕවර) අංජල බණ්ඩාර 88, ජනිත් ලියනගේ 51 (නිශාන් පීරිස් 59/5, කසුන් රාජිත 34/2) සහ දෙවැනි ඉනිම – 366 (ඕවර 111.5) රවිඳු රසාන්ත 107, ශෙවෝන් ඩැනියෙල් 82, චාමික කරුණාරත්න 51, අංජල බණ්ඩාර 51 (මුදිත ලක්ෂාන් 84/4, දුෂාන් හේමන්ත 46/2, චරිත් අසලංක 56/2, නිශාන් පීරිස් 109/2)
ගාල්ල – මහනුවර
ගාලු පළමු ඉනිම – 602/9 (ඕවර 168) ඉනිම අත්හිටුවන ලදි. නිපුන් ධනංජය 137, රමේෂ් මෙන්ඩිස් 121, දිලුම් සුදීර නොදැවී 81, සදීර සමරවික්‍රම 78, ඕෂද ප්‍රනාන්දු 57 (චමිඳු වික්‍රමසිංහ 90/3, නුවනිඳු ප්‍රනාන්දු 59/2, රවිඳු ප්‍රනාන්දු 121/2) සහ දෙවැනි ඉනිම – 269/5 (ඕවර 79) පසිඳු සූරියබණ්ඩාර නොදැවී 102, නිපුන් ධනංජය 63, සදීර සමරවික්‍රම 60 (සහන් ආරච්චිගේ 35/2, රවිඳු ප්‍රනාන්දු 87/2)
මහනුවර පළමු ඉනිම – 350 (ඕවර 88) කමිල් මිෂාර නොදැවී 158, සොහාන් ඩි ලිවේරා 60, නුවනිඳු ප්‍රනාන්දු 51 (මිලාන් රත්නායක 65/4, දුනිත් වෙල්ලාලගේ 37/2, ඩිල්ෂාන් මදුශංක 72/2)