Home World News Room : ගෝලීය ත්‍රස්ත­වාදී දර්ශ­කයේ බුර්කිනා ෆාසෝ මුල්තැ­නට

News Room : ගෝලීය ත්‍රස්ත­වාදී දර්ශ­කයේ බුර්කිනා ෆාසෝ මුල්තැ­නට

0
0

අන්ත­වා­දය, ප්‍රච­ණ්ඩ­ත්වය සහ ත්‍රස්ත­වා­දය වර්ධ­නය වී ඇති රට­වල් ශ්‍රේණි­ගත කිරීමේ ගෝලීය ත්‍රස්ත­වාදී දර්ශ­ක­යට අනුව මේ වස­රේදී පාකි­ස්තා­නය දෙවැනි ස්ථාන­යට පත්වී තිබේ. ඔස්ට්‍රේ­ලි­යාවේ සිඩ්නි නුවර මූල­ස්ථා­නය කර­ගත් ජාත්‍ය­න්තර ආර්ථි­කය සහ සාමය සඳහා වන සංවි­ධා­නය විසින් නිකුත් කරනු ලබන එම දර්ශ­ක­යට අනුව පාකි­ස්තා­නය නව­තම ශ්‍රේණි­ගත කිරී­ම්වල දෙවැනි ස්ථාන­යට පත්වී ඇත්තේ එරට ත්‍රස්ත ක්‍රියා­කා­ර­කම් මැඬ පැවැ­ත්වී­මට ආර­ක්ෂක අංශ දැඩි උත්සා­හ­යක නිර­ත ­වූ­වද, බලු­කි­ස්තා­නය හා කයි­බර් පක්ටුන්ක්වා වැනි ප්‍රාන්ත­වල අඛ­ණ්ඩව සිදු­වන ත්‍රස්ත ක්‍රියා­කා­ර­කම් සැල­කි­ල්ලට ගනි­මින් බව වාර්තා වේ.

ත්‍රස්ත­වා­දයේ වැඩිම බල­පෑම් ඇති රට­වල් අනුව එම දර්ශ­කයේ ශ්‍රේණි­ගත කිරීම් 100ක් සිදු කර ඇති බවත්, බට­හිර අප්‍රි­කානු රටක් වන බුර්කිනා ෆාසෝ නව­තම දර්ශ­කයේ පළමු ස්ථාන­යට පත්වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ත්‍රස්ත­වාදී ක්‍රියා­කා­ර­කම් හේතු­වෙන් විවිධ ප්‍රහාර, ජීවිත සහ දේපළ හානි ඇතුළු කරුණු රැසක් විශ්ලේ­ෂ­ණය කර­මින් අභ්‍ය­න්තර ස්ථාව­ර­ත්ව­යට සහ ආර්ථික වර්ධ­න­යට බල­පෑම් සිදු­වන රට­වල් ලෙස හඳුන්වා දී ඇති එම දර්ශ­කයේ සිරි­යාව තුන්වැනි ස්ථානයේ සහ තවත් බට­හිර අප්‍රි­කානු රටක් වන මාලි රාජ්‍යය සිව්වැනි ස්ථානයේ පසු­වන බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. එම දර්ශ­කයේ ඊශ්‍රා­ය­ලය 8 වැනි ස්ථාන­ය­ටත්, ඇෆ්ග­නි­ස්තා­නය 9 වැනි ස්ථාන­ය­ටත් පත්වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here