13
සර්බියාවේ දුම්රිය ස්ථානයක අවිධිමත් ලෙස ඉදිකර තිබූ කොන්ක්‍රීට් වහලක් පසුගිය වසරේ නොවැම්බරයේදී කඩා වැටී පුද්ගලයන් 15 දෙනකු මිය යෑමේ සිදුවීම මුල් කරමින් එරට ව්‍යාප්ත වූ රාජ්‍ය විරෝධී විරෝධතා උත්සන්න වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පෙරේදා ලක්ෂ තුනකට අධික ජනතාව සර්බියාවේ බෙල්ග්‍රෙඩ් අගනුවර වටලා ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත්වන ලෙස බල කරමින් උද්ඝෝෂණයක නිරතවී සිටින බවත්, එය සර්බියාවේ මෙතෙක් පැවැති විශාලතම විරෝධතාව බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
දුම්රිය ස්ථානයේ වහලය කඩා වැටීමේ සිදුවීමෙන් පසු ආරම්භ වූ ජනතා විරෝධතා හමුවේ එරට අගමැති මිලෝස් වූසෙචික් සිය ධුරයෙන් ඉවත් වූවද, මාස 4කට අධීක කාලයක් පුරා පොදු ප්‍රවාහන සේවා වර්ජනය කරමින් විරෝධතාවක නිරතවන ජනතාව මේ වනවිට ජනාධිපති ඇලෙක්සැන්ඩර් වූසිස්ට සහ රජයට ඉවත්වන ලෙස බල කරමින් බෙල්ග්‍රෙඩ් අගනුවරට රැස්වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
සර්බියාවේ සරසවි සිසුන්, ටැක්සි රථ රියැදුරන්, ගොවීහු සහ නීතිඥවරු විශාල පිරිසක් ද ඊට එක්වී සිටින අතර, විරෝධතා මැඬ පැවැත්වීමට පොලීසිය උත්සාහ කිරීමේදී 56 දෙනකු තුවාල ලැබූ බව ද වාර්තා වේ. පොලීසිය සමඟ ගැටුම් ඇතිකරගත් විරෝධතාකරුවන් 22 දෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි ද වාර්තා වේ.