Home Politics News Room : ජාතික ජන බල­වේ­ගය ගම්ප­හට ඇප මුදල් බඳිති

News Room : ජාතික ජන බල­වේ­ගය ගම්ප­හට ඇප මුදල් බඳිති

0
0

පළාත් පාලන මැති­ව­ර­ණ­යට ගම්පහ දිස්ත්‍රි­ක්කයේ පළාත් පාලන ආය­තන දහ­න­ව­ය­කට ජාතික ජන බල­වේ­ගය නියෝ­ජ­නය කර­මින් අපේ­ක්ෂ­ක­යන් පිරි­සක් ගම්පහ දිස්ත්‍රික් මැති­ව­රණ ලේකම් කාර්යා­ල­යේදී පසු­ගි­යදා (14) ඇප මුදල් තැන්පත් කළහ.

කණ්ඩා­යම් නාය­කයා ලෙස එක්ව සිටි ජාතික ජන බල­වේ­ගයේ කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජය­සිංහ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ඔවුහු ඇප මුදල් තැන්පත් කළහ.

පළාත් පාලන මැති­ව­ර­ණය අපි ඉතාම පහ­සු­වෙන් ජය­ග්‍ර­හ­ණය කර­නවා. ලක් පොළොවේ අපේ පක්ෂ­යට අභි­යෝග කරන්න වෙන කිසිම පක්ෂ­ය­කට බැහැ­යැයි මෙහිදී නියෝජ්‍ය ඇමැති මහින්ද ජය­සිංහ මහතා පැව­සීය. පාර්ලි­මේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ද මේ අව­ස්ථා­වට එක්ව සිටි­යේය.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රිනි, පාර්ලි­මේන්තු නියෝජ්‍ය කාරක සභාවේ සභා­ප­තිනි හේම­මාලී වීර­සේ­කර සහ ආචාර්ය සඳුන් යාපා කරු­ණා­රත්න ඇතුළු පළාත් පාලන මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත්ව සිටින අපේ­ක්ෂක අපේ­ක්ෂි­කා­වන් පිරි­සක් ඇප මුදල් තැන්පත් කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here