4
ජාතික මහා ක්‍රීඩා උලෙළ ආරම්භ කරමින් නුවරඑළිය, ගොල්ෆ් ක්‍රීඩා පිටියේදී පෙරේදා නිමාවට පත්වූ ජාතික රට හරහා දිවීමේ කාන්තා ශූරතාව නැඟෙනහිර පළාත නියෝජනය කළ කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂිකා මෙත්මි විජේසූරිය විනාඩි 38:41කින් හා පිරිමි ශූරතාව මධ්‍යම පළාතේ එම්. සිවරාජන් විනාඩි 34:20කින් දිනා ගත්හ.
පසුගිය වසරේ පැවති රට හරහා දිවීමේ පිරිමි තරගය ජයගත් බස්නාහිර පළාතේ ආර්.එම්.එස්. පුෂ්පකුමාර මෙවර තෙවැනි ස්ථානයට පත්වූ අතර, කාන්තා අංශයෙන් ජයග්‍රහණය කළ මධ්‍යම පළාතේ චාමිනි සමුද්ධිකා හේරත් තෙවැනි ස්ථානයට පත්වූවාය.
මෙවර ජාතික රට හරහා දිවීමේ කණ්ඩායම් ශූරතාව මධ්‍යම පළාතට හිමිවූ අතර, දෙවැනි ස්ථානය ඌව පළාත හා තෙවැනි ස්ථානය සබරගමුව පළාතට හිමි විය.
ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ ජාතික රට හරහා දිවීමේ තරගය කිලෝමීටර් 10ක දුරක් පැවති අතර, පළාත් නවය නියෝජනය කරමින් එක් පළාතකින් ක්‍රීඩකයන් 10ක් හා ක්‍රීඩිකාවෝ 6ක් බැඟින් සහභාගි වූහ. ජාතික මහා ක්‍රීඩා උලෙළේ තරග ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මටටිටමින්, දිස්ත්‍රික් මට්ටමින්, පළාත් මට්ටමින් හා ජාතික තලය දක්වා අදියර හතරක් යටතේ පැවැත්වේ.
තරග ප්‍රතිඵල:
කාන්තා – 1. මෙත්මි විජේසූරිය විනාඩි 38:41 (නැඟෙනහිර පළාත – අම්පාර), 2. වත්සලා මධුශානි හේරත් විනාඩි 40:04 (මධ්‍යම – නුවර), 3. චාමිනී සමුද්ධිකා හේරත් විනාඩි 40:18 (මධ්‍යම – නුවර), 4. නිමේෂා නිදර්ශනී විනාඩි 41:48.9 (ඌව), 5. ඒ.එන්.එල්. ආරියදාස විනාඩි 41:59 (සබරගමුව)
පිරිමි – 1. එම්. සිවරාජන් විනාඩි 34:20 (මධ්‍යම – නුවරඑළිය), 2. ආර්.එම්.එස්. පුෂ්පකුමාර විනාඩි 34:57 (බස්නාහිර – ගම්පහ), 3. ආර්.ඒ.ඩී.එච්. කුමාර විනාඩි 34. 59 ( බස්නාහිර – ගම්පහ), 4. සරත් කුමාර විනාඩි 35:12 (ඌව), 5. මධුරංග උපුල් විනාඩි 35:35 (ඌව)