Home World News Room : ටොනේඩෝ රැල්ල­කින් අමෙ­රි­කාවේ 34ක් මරුට

News Room : ටොනේඩෝ රැල්ල­කින් අමෙ­රි­කාවේ 34ක් මරුට

0
0

දකු­ණු­දිග අමෙ­රි­කාවේ පැතිරී ගිය දරුණු ටොනේඩෝ රැල්ල­කින් පුද්ග­ල­යන් 34 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කැන්සාස්, මිසූරි, ජෝර්ජියා, මිසි­සිපි ඇතුළු ප්‍රාන්ත රැසක ජන ජීවි­තය උඩු­ය­ටි­කුරු කර­මින් පෙරේදා පැතිරී ගිය ටොනේඩෝ රැල්ලට හසුවූ මෝටර් රථ සහ නිවාස වහල උඩු­ගු­ව­නට විසිරී ගොස් ඇතැයි ද, අවම වශ­යෙන් ප්‍රාන්ත 7ක නිවාස ලක්ෂ තුන­කට ආසන්න සංඛ්‍යා­ව­කට විදු­ලිය විසන්ධි වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. කැන්සාස් ප්‍රාන්තයේ ටොනේඩෝ රැල්ලත් සමඟ හට­ගත් වැලි කුණා­ටු­වට හසු­වී­මෙන් මෝටර් රථ 55ක් පමණ අන­තු­රට ලක්වී ඇති අතර, ඉදිරි කාල­යේදී තවත් ප්‍රාන්ත රැසක් ටොනේඩෝ තත්ත්ව­ය­කට ගොදුරු වීමේ අව­දා­න­මක් ඇතැයි එරට කාල­ගුණ විද්‍යා ඒක­කය අන­තුරු අඟවා තිබේ.

අය­හ­පත් කාල­ගුණ තත්ත්ව­යත් සමඟ ගංව­තුර අව­දා­න­මක් ද මතුවී ඇති බවත්, ඇල­බාමා ඇතුළු ප්‍රාන්ත රැසක ජන­තා­වට අව­ධා­න­යෙන් පසු­වන ලෙස කාල­ගුණවිද්‍යා ඒක­ක­යෙන් උප­දෙස් ලබා දී ඇති බවත් වාර්තා වේ.

The post ටොනේඩෝ රැල්ල­කින් අමෙ­රි­කාවේ 34ක් මරුට appeared first on දිනමිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here