දකුණුදිග අමෙරිකාවේ පැතිරී ගිය දරුණු ටොනේඩෝ රැල්ලකින් පුද්ගලයන් 34 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කැන්සාස්, මිසූරි, ජෝර්ජියා, මිසිසිපි ඇතුළු ප්‍රාන්ත රැසක ජන ජීවිතය උඩුයටිකුරු කරමින් පෙරේදා පැතිරී ගිය ටොනේඩෝ රැල්ලට හසුවූ මෝටර් රථ සහ නිවාස වහල උඩුගුවනට විසිරී ගොස් ඇතැයි ද, අවම වශයෙන් ප්‍රාන්ත 7ක නිවාස ලක්ෂ තුනකට ආසන්න සංඛ්‍යාවකට විදුලිය විසන්ධි වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. කැන්සාස් ප්‍රාන්තයේ ටොනේඩෝ රැල්ලත් සමඟ හටගත් වැලි කුණාටුවට හසුවීමෙන් මෝටර් රථ 55ක් පමණ අනතුරට ලක්වී ඇති අතර, ඉදිරි කාලයේදී තවත් ප්‍රාන්ත රැසක් ටොනේඩෝ තත්ත්වයකට ගොදුරු වීමේ අවදානමක් ඇතැයි එරට කාලගුණ විද්‍යා ඒකකය අනතුරු අඟවා තිබේ.
අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ගංවතුර අවදානමක් ද මතුවී ඇති බවත්, ඇලබාමා ඇතුළු ප්‍රාන්ත රැසක ජනතාවට අවධානයෙන් පසුවන ලෙස කාලගුණවිද්‍යා ඒකකයෙන් උපදෙස් ලබා දී ඇති බවත් වාර්තා වේ.
The post ටොනේඩෝ රැල්ලකින් අමෙරිකාවේ 34ක් මරුට appeared first on දිනමිණ.