17
සුබ නැකතට සෙත් පිරිත් සජ්ඣායනා මැද පුංචි ඡන්දයට දඹුල්ල ආසනයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් වන අපේක්ෂක අපේක්ෂිකාවෝ දිස්ත්‍රික් නායක දඹුල්ල හිටපු නගරාධිපති ජාලිය ඕපාත මහතාගේ නායකත්වයෙන් ඒ මහතාගේ නිවසේදී පෙරේදා (15) නාම යෝජනා සඳහා අත්සන් තැබූහ. හිටපු නගරාධිපති ජාලිය ඕපාත මහතා මෙවර පළාත් පාලන මැතිවරණයෙන් දඹුල්ල ආසනයේ විශේෂ ජයග්‍රහණයක් ලබන බවත් තුන්වෙනි වතාවටත් තමන් දඹුල්ලේ නගරාධිපතිවරයා බවට පත්වන බවත් මෙහිදී පැවසීය. කෙසේ වෙතත් දඹුල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා වන කේ. ජී. සෝමතිලක මහතා පොහොට්ටු පක්ෂයෙන් නාම යෝජනා පත්‍ර අත්සන් කිරීමට පැමිණ නොසිටීම පිළිබඳව මාධ්‍යවේදීන් විමසීමේ දී කියා සිටියේ ඔහු අසනීප තත්ත්වයක් නිසා අත්සන් කිරීමට පැමිණ නොසිටි බවයි. දඹුල්ල ප්‍රාදේශීය සභාවට මෙවර භික්ෂුන් වහන්සේ නමක්ද නාමයෝජනාවලට අත්සන් තැබූහ.