Home Politics News Room : පුංචි ඡන්දයේ නාම­යෝ­ජනා පත්‍ර ප්‍රති­ක්ෂේප විය හැකි කරුණු 11ක්

News Room : පුංචි ඡන්දයේ නාම­යෝ­ජනා පත්‍ර ප්‍රති­ක්ෂේප විය හැකි කරුණු 11ක්

0
0

පළාත් පාලන ආය­තන ඡන්ද විම­සී­මට අදාළ නාම­යෝ­ජනා පත්‍ර ප්‍රති­ක්ෂේප වීම් සිදු­විය හැකි ආකා­ර­යන් සම්බ­න්ධව මැති­ව­රණ කොමි­සම විශේෂ නිවේ­ද­න­යක් නිකුත් කර තිබේ.

ඒ අනුව කරුණු 11කින් නිකුත් කර ඇති මෙම නිවේ­ද­නය මඟින් එම කොමි­සම සඳ­හන් කර ඇත්තේ යම්කිසි අපේ­ක්ෂ­ක­යකු නාම­යෝ­ජනා පත්‍රයේ අත්සන් කර නොති­බීම මඟින් එම අපේ­ක්ෂ­ක­යාගේ නම නාම­යෝ­ජනා පත්‍ර­යෙන් ඉවත් වන බවත් මෙම නම සඳහා වෙනත් නමක් ආදේශ කිරී­මට හිමි­ක­මක් නොමැති බවත්ය.

එමෙන්ම අපේ­ක්ෂ­කයා වෙනු­වෙන් තැන්පත් කළ ඇප මුදල් රාජ­ස­න්තක වන බවද එම නිවේ­ද­නයේ සඳ­හන් වේ.

බලය නොමැති තැනැ­ත්තකු විසින් භාර­දීම, නිය­මිත අපේ­ක්ෂක සංඛ්‍යාව නොමැති වීම සහ නිය­මිත සංඛ්‍යා­වට වඩා වැඩි අපේ­ක්ෂ­ක­යන් ඇතු­ළත් කර තිබීම, පිළි­ගත් දේශ­පා­ලන පක්ෂ­යක් විසින් ඇප තැන්පත් නොකි­රීම, පක්ෂ ලේකම් හෝ ස්වාධීන කණ්ඩා­යම් නාය­කයා අත්සන් නොකි­රීම ආදි­යයි. එසේම පක්ෂ ලේකම්ගේ හෝ ස්වාධීන කණ්ඩා­යම් නාය­ක­යාගේ අත්සන, සාම­දාන විනි­ශ්ච­ය­ක­රු­වකු හෝ ප්‍රසිද්ධ නොතා­රි­ස්ව­ර­යකු සහ­තික කර නොති­බීම, නිය­මිත අපේ­ක්ෂ­ක­යන් ගණන, තරුණ අපේ­ක්ෂ­ක­යන් ගණන හා කාන්තා අපේ­ක්ෂ­ක­යන් ගණන අන්ත­ර්ගත නොවීම ද හේතු විය හැකිය.

තරුණ අපේ­ක්ෂ­ක­යකු ලෙස නාම­යෝ­ජනා පත්‍රයේ සඳ­හන් කර ඇති අපේ­ක්ෂ­ක­ය­කුගේ උප්පැන්න සහ­ති­කයේ සහ­තික කළ පිට­ප­තක්, උපන් දිනය සනාථ කරන දිවු­රුම් ප්‍රකා­ශ­යක් යන දෙකෙන් එකක් ඉදි­රි­පත් නොකි­රීම හෝ අඩු­පාඩු සහි­තව ඉදි­රි­පත් කිරීම, අපේ­ක්ෂ­ක­යකු විසින් නාම­යෝ­ජනා පත්‍රයේ අත්සන් නොකි­රීම, ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 7 වැනි උප­ලේ­ඛ­නයේ දිවු­රුම් ප්‍රති­ඥාව නොති­බීම හෝ එහි යම් දෝෂ­ස­හ­ගත බවත් තිබීම ආදිය ද හේතු වේ. නාම­යෝ­ජනා පත්‍රයේ නමක් පම­ණක් ප්‍රති­ක්ෂේප වන අව­ස්ථා­වක ඉවත් කරනු ලබන අපේ­ක්ෂ­කයා තරුණ (කාන්තා / පිරිමි) හෝ කාන්තා­වක් වන්නේ නම්, අවම තරුණ හෝ අවම කාන්තා නියෝ­ජ­නය සාක්ෂාත් නොවන බැවින් එම අව­ස්ථා­වේදී සමස්ත නාම­යෝ­ජනා පත්‍ර­යම ප්‍රති­ක්ෂේප වන බව පිළි­ගත යුතුය.

නාම­යෝ­ජනා පත්‍රයේ නමක් පම­ණක් ප්‍රති­ක්ෂේප වන අව­ස්ථා­වක අවම කරුණ හා අවම කාන්තා නියෝ­ජ­න­යට බාධා­වක් නොවන්නේ නම් අදාළ අපේ­ක්ෂ­ක­යාගේ නම පම­ණක් ප්‍රති­ක්ෂේප වන බව මේ නිවේ­ද­නය මඟින් දක්වා ඇත. එමෙන්ම මෙම අව­ස්ථා­වල දී නුසු­දු­ස්සකු වන බවට සොයා ගනු ලැබූ අපේ­ක්ෂ­යාගේ නම පම­ණක් එම නාම­යෝ­ජනා පත්‍ර­යෙන් ඉව­ත්විය යුතු ය.

මෙම නම් සඳහා වෙනත් නමක් ආදේශ කිරී­මට හිමි­ක­මක් නොමැති අතර අපේ­ක්ෂ­කයා වෙනු­වෙන් තැන්පත් කළ ඇප මුදල රාජ­ස­න්තක වන බවද එහි දක්වා ඇත.

නාම­යෝ­ජනා කාල­සී­මා­වට අදාළ තරුණ අපේ­ක්ෂ­ක­යන්ගේ වයස් සීමාව ලෙස 2007.01.31 දිනට පෙර උපත ලද අය සහ 1990.03.20 දිනට පසුව උපන් සහ 2025.03.20 දිනට වයස අවු­රුදු 35ට නොවැඩි විය යුතු බව එහි වැඩි­දු­ර­ටත් දක්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here