Home World News Room : රට­වල් 43ක පුර­වැ­සි­යන්ට අමෙ­රි­කාව තහ­නම්

News Room : රට­වල් 43ක පුර­වැ­සි­යන්ට අමෙ­රි­කාව තහ­නම්

0
0

ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යෝජ­නා­ව­කට අනුව රට­වල් 43ක පුර­වැ­සි­යන්ට අමෙ­රි­කාවේ සංචා­රය කිරීම තහ­නම් කිරී­මට එරට රජය සැල­සුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙ­රි­කාවේ රාජ්‍ය­තා­න්ත්‍රික සහ ආර­ක්ෂක නිල­ධා­රීන්ගේ නිර්දේශ මත මේ සඳහා දැන­ට­මත් ලැයි­ස්තු­වක් සකස් කර ඇති බවත්, එම රට­වල් කාණ්ඩ 3ක් යටතේ වර්ගී­ක­ර­ණය කර ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

රට­වල් 10ක් ඇතු­ළත් එහි පළමු කාණ්ඩ­යට සම්පූ­ර්ණ­යෙන්ම වීසා අත්හි­ටු­වී­මට නිර්දේශ වී ඇති අතර, ඊට ඇෆ්ග­නි­ස්තා­නය, භූතා­නය, ලිබි­යාව, යේම­නය, ඉරා­නය, සිරි­යාව, කියු­බාව සහ උතුරු කොරි­යාව ද ඇතු­ළත් වන බව විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. නැඟෙ­න­හිර අප්‍රි­කා­වට අයත් එරි­ට්‍රියා රාජ්‍යය සමඟ හයිටි, ලාඕ­සය, මිය­න්මා­රය සහ දකුණු සුඩා­නය ඇතුළු රට­වල් 5ක් දෙවැනි කාණ්ඩ­යට ඇතු­ළත් වන බවත්, එම රට­වල පුර­වැ­සි­යන්ට සංචා­රක, ශිෂ්‍ය වීසා සහ සංක්‍ර­ම­ණික වීසා අත්හි­ටු­වී­මට නිර්දේශ වී ඇතැයි වාර්තා වේ.

එම ලැයි­ස්තුවේ තුන්වැනි කාණ්ඩ­යට බෙල­රු­සි­යාව, පාකි­ස්තා­නය සහ මධ්‍යම ආසි­යානු රටක් වන ටර්ක්මෙ­නි­ස්තා­නය ඇතුළු රට­වල් 26ක් ඇතු­ළත් වන අතර, එම රට­වල පුර­වැ­සි­යන්ගේ වීසා අයැ­දු­ම්පත් අඩු­පාඩු දින 60ක් ඇතු­ළත සම්පූර්ණ කිරී­මට එම රට­වල රජ­යන් අස­ම­ත් වන්නේ නම් නැවත සලකා බල­න­තුරු වීසා නිකුත් කිරීම අර්ධ වශ­යෙන් අත්හි­ටු­වී­මට නිර්දේශ වී තිබේ. මේ පිළි­බඳ ට්‍රම්ප් පරි­පා­ල­නය තව­දු­ර­ටත් සාකච්ඡා කිරී­මට නිය­මිත බවත්, ඒ අනුව ඉදි­රි­යේදී එම ලැයි­ස්තුවේ සංශෝ­ධන සිදු­වී­මට ඉඩ ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here