Home Sport News Room : ෂර්මා‍ගේ ලැම්බෝ­ගිනි අංක තහ­ඩු­වට ශ්‍රී ලංකා­වට එල්ල කළ 264...

News Room : ෂර්මා‍ගේ ලැම්බෝ­ගිනි අංක තහ­ඩු­වට ශ්‍රී ලංකා­වට එල්ල කළ 264 ඉල­ක්කම දාලා

0
0

චැම්පි­යන් කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලි­යෙන් පසු ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ෂර්මා‍ගේ ඉන්දීය රුපි­යල් කෝටි 4ක් (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 13.6ක්) වටිනා ලැම්බෝ­ගි­නිය පිළි­බඳ කතා­බහ ඇතිවී තිබූ අතර, එහි අංක තහ­ඩු­වට යොදා­ගෙන ඇත්තේ ශ්‍රී ලංකා­වට එරෙ­හිව එල්ල කළ ලකුණු 264 ඉල­ක්කම වේ.

2014 නොවැ­ම්බර් මාසයේ ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාං­ග­ණ‍යේදී පැවති එක්දින තර­ග­යේදී රෝහිත් පන්දු 173කදී හයේ පහර 9ක් හා හතරේ පහර 33ක් සමඟ ලකුණු 264ක් ලබා­ගත් අතර එය ඔහුගේ ප්‍රිය­තම ඉනිම බැවින් එම අංකය මෝටර් රථ දෙපා­ර්ත­මේ­න්තු­වෙන් ඉල්ලා­ගෙන ඇත.

ලැම්බෝ­ගිනි මෝටර් රථය සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ වීඩි­යෝ­වක් බෙදා ගනි­මින් රෝහිත් සඳ­හන් කරන්නේ 264 සැම­වි­ටම රසි­ක­යන් සඳහා වූ බවත් එය සැම­වි­ටම පව­තිනු ඇති බවත්ය. රෝහිත් ශ්‍රී ලංකා­වට එරෙ­හිව ලකුණු 264ක ඉනි­මක් ක්‍රීඩා කළ බව සඳ­හන් කිරීම වටී.

ඉන්දීය නායක රෝහිත් ෂර්මා මෝටර් රථ­ව­ලට බෙහෙ­වින් ඇලුම් කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. රෝහිත් බොහෝ­විට ඔහුගේ මෝටර් රථ­යෙන් මුම්බායි නග­රයේ ගමන් කරනු දක්නට ලැබෙන අතර, රසි­ක­යන්ට ඔහුගේ මෝටර් රථ එක­තුව හුරු­පු­රු­දුය.

මීළඟ අයි­පී­එල් තර­ග­වා­රය සඳහා වෙළෙඳ දැන්වීම් සමා­ගම් ද සූදා­නම්ව සිටින අතර, මෑත­කදී වෙළෙඳ දැන්වී­මක පෙනී සිටි ඉන්දීය නායක රෝහිත් ෂර්මාට අඬ­මින් රඟ­පෑ­මට සිදුවූ බව සඳ­හන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here