18
චැම්පියන් කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ෂර්මාගේ ඉන්දීය රුපියල් කෝටි 4ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 13.6ක්) වටිනා ලැම්බෝගිනිය පිළිබඳ කතාබහ ඇතිවී තිබූ අතර, එහි අංක තහඩුවට යොදාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල කළ ලකුණු 264 ඉලක්කම වේ.
2014 නොවැම්බර් මාසයේ ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී පැවති එක්දින තරගයේදී රෝහිත් පන්දු 173කදී හයේ පහර 9ක් හා හතරේ පහර 33ක් සමඟ ලකුණු 264ක් ලබාගත් අතර එය ඔහුගේ ප්‍රියතම ඉනිම බැවින් එම අංකය මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලාගෙන ඇත.
ලැම්බෝගිනි මෝටර් රථය සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් බෙදා ගනිමින් රෝහිත් සඳහන් කරන්නේ 264 සැමවිටම රසිකයන් සඳහා වූ බවත් එය සැමවිටම පවතිනු ඇති බවත්ය. රෝහිත් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 264ක ඉනිමක් ක්‍රීඩා කළ බව සඳහන් කිරීම වටී.
ඉන්දීය නායක රෝහිත් ෂර්මා මෝටර් රථවලට බෙහෙවින් ඇලුම් කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. රෝහිත් බොහෝවිට ඔහුගේ මෝටර් රථයෙන් මුම්බායි නගරයේ ගමන් කරනු දක්නට ලැබෙන අතර, රසිකයන්ට ඔහුගේ මෝටර් රථ එකතුව හුරුපුරුදුය.
මීළඟ අයිපීඑල් තරගවාරය සඳහා වෙළෙඳ දැන්වීම් සමාගම් ද සූදානම්ව සිටින අතර, මෑතකදී වෙළෙඳ දැන්වීමක පෙනී සිටි ඉන්දීය නායක රෝහිත් ෂර්මාට අඬමින් රඟපෑමට සිදුවූ බව සඳහන් වේ.