Home World News Room : හවුති කැර­ලි­ක­රු­වන්ට අමෙ­රි­කා­වෙන් ගුවන් ප්‍රහා­ර­යක්

News Room : හවුති කැර­ලි­ක­රු­වන්ට අමෙ­රි­කා­වෙන් ගුවන් ප්‍රහා­ර­යක්

0
0

යේම­නයේ හවුති කැර­ලි­ක­රු­වන් ඉලක්ක කර­මින් අමෙ­රි­කා­වෙන් දරුණු ගුවන් ප්‍රහා­ර­යක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙ­රි­කා­වෙන් ගුවන් ප්‍රහා­ර­යක් එල්ල වී ඇත්තේ ගාසා තීර­යට අඛ­ණ්ඩව විදු­ලිය විසන්ධි කිරී­මට ඊශ්‍රා­ය­ලය කට­යුතු කිරීම හේතු­වෙන් රතු මුහුදේ යාත්‍රා කරන ඊශ්‍රා­ය­ල­යට සම්බන්ධ නෞකා­ව­ලට නැවත ප්‍රහාර එල්ල කරන බවට තර්ජ­නය කිරීම හේතු­වෙන් බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උප­දෙස් මත එල්ල වී ඇති එම ගුවන් ප්‍රහා­ර­ව­ලින් යේම­නයේ කාන්තා­වන් සහ දරු­වන් ඇතු­ළුව 31 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි ද, තවත් පුද්ග­ල­යන් 101 දෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

ඉරා­නයේ මූල්‍ය සහාය ලැබෙන හවුති මැර­යන් අමෙ­රි­කානු ගුව­න්යා­නා­ව­ලට මිස­යිල එල්ල කළා. ඔවුන් අපේ හමු­දාව සහ මිත්‍ර හමුදා ඉලක්ක කර­මින් ප්‍රහාර එල්ල කළා.‘ අමෙ­රි­කානු ගුවන් ප්‍රහා­ර­යෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය­ජා­ලයේ එසේ සට­හන් කර ඇතැයි ද වාර්තා වේ.

The post හවුති කැර­ලි­ක­රු­වන්ට අමෙ­රි­කා­වෙන් ගුවන් ප්‍රහා­ර­යක් appeared first on දිනමිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here