යුරෝපයේ බෝල්කන් අර්ධද්වීපයේ රටක් වන උතුරු මැසිඩෝනියාවේ කොකානි නුවර රාත්‍රි සමාජශාලාවක හටගත් මාරන්තික ගින්නෙන් තුවාල ලැබූ පුද්ගලයන් අසල්වැසි රටවල රෝහල් වෙත ප්‍රවාහනය කිරීමට රුමේනියාවේ හමුදා ගුවන්යානා සහාය ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පෙරේදා රාත්‍රී හටගත් මේ ගින්නෙන් පුද්ගලයන් 59 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් පුද්ගලයන් 155 දෙනකු තුවාල ලැබූ බව වාර්තා වේ. සමාජශාලා ගින්නෙන් තුවාල ලැබූ වැඩි දෙනකු අසල්වැසි රුමේනියාවේ රෝහල් කරා රැගෙන ගොස් ඇති අතර, බරපතළ තත්ත්වයේ පසුවූ තරුණ තරුණියන් සිවුදෙනකු රුමේනියාවේ ගුවන් හමුදා යානයකින් ලිතුවේනියාවේ රෝහල් වෙත රැගෙන ගිය බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
පසුගිය ඉරිදා අලුයම 2.30ට පමණ ගින්න හටගෙන ඇති අතර, ඒ වන විට සමාජ ශාලාවේ 500කට වැඩි පිරිසක් රැස්ව සිටි බව ද වාර්තා වේ. සමාජ ශාලාවට සංගීතය සැපයූ වාදන කණ්ඩායමේ එක් සාමාජිකයකු හැර සෙසු සියලුදෙනා තුවාල ලබා ඇති බවත්, ඔවුන් ගුවන් මගින් බල්ගේරියාව, ග්‍රීසිය, සර්බියාව සහ තුර්කිය රටවල රෝහල් වෙත රැගෙන ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ගින්න සම්බන්ධව ප්‍රශ්න කිරීම සඳහා පුද්ගලයන් 15 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කර තිබේ.
The post උතුරු මැසිඩෝනියාවේ රාත්‍රී සමාජශාලා ගින්නට 59ක් බිලි වෙති appeared first on දිනමිණ.