Home World News Room : උතුරු මැසි­ඩෝ­නි­යාවේ රාත්‍රී සමා­ජ­ශාලා ගින්නට 59ක් බිලි වෙති

News Room : උතුරු මැසි­ඩෝ­නි­යාවේ රාත්‍රී සමා­ජ­ශාලා ගින්නට 59ක් බිලි වෙති

0
0

යුරෝ­පයේ බෝල්කන් අර්ධ­ද්වී­පයේ රටක් වන උතුරු මැසි­ඩෝ­නි­යාවේ කොකානි නුවර රාත්‍රි සමා­ජ­ශා­ලා­වක හට­ගත් මාර­න්තික ගින්නෙන් තුවාල ලැබූ පුද්ග­ල­යන් අස­ල්වැසි රට­වල රෝහල් වෙත ප්‍රවා­හ­නය කිරී­මට රුමේ­නි­යාවේ හමුදා ගුව­න්යානා සහාය ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පෙරේදා රාත්‍රී හට­ගත් මේ ගින්නෙන් පුද්ග­ල­යන් 59 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වූ අතර, තවත් පුද්ග­ල­යන් 155 දෙනකු තුවාල ලැබූ බව වාර්තා වේ. සමා­ජ­ශාලා ගින්නෙන් තුවාල ලැබූ වැඩි දෙනකු අස­ල්වැසි රුමේ­නි­යාවේ රෝහල් කරා රැගෙන ගොස් ඇති අතර, බර­ප­තළ තත්ත්වයේ පසුවූ තරුණ තරු­ණි­යන් සිවු­දෙ­නකු රුමේ­නි­යාවේ ගුවන් හමුදා යාන­ය­කින් ලිතු­වේ­නි­යාවේ රෝහල් වෙත රැගෙන ගිය බව විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

පසු­ගිය ඉරිදා අලු­යම 2.30ට පමණ ගින්න හට­ගෙන ඇති අතර, ඒ වන ­විට සමාජ ශාලාවේ 500කට වැඩි පිරි­සක් රැස්ව සිටි බව ද වාර්තා වේ. සමාජ ශාලා­වට සංගී­තය සැපයූ වාදන කණ්ඩා­යමේ එක් සාමා­ජි­ක­යකු හැර සෙසු සිය­ලු­දෙනා තුවාල ලබා ඇති බවත්, ඔවුන් ගුවන් මගින්  බල්ගේ­රි­යාව, ග්‍රීසිය, සර්බි­යාව සහ තුර්කිය රට­වල රෝහල් වෙත රැගෙන ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. ගින්න සම්බ­න්ධව ප්‍රශ්න කිරීම සඳහා පුද්ග­ල­යන් 15 දෙනකු අත්අ­ඩං­ගු­වට ගත් බව පොලී­සිය ප්‍රකාශ කර තිබේ.

The post උතුරු මැසි­ඩෝ­නි­යාවේ රාත්‍රී සමා­ජ­ශාලා ගින්නට 59ක් බිලි වෙති appeared first on දිනමිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here