Home World News Room : කැර­ලි­ක­රුවෝ අඟ­ලෙන් අඟල බට­හිර මිය­න්මා­රය අල්ලති

News Room : කැර­ලි­ක­රුවෝ අඟ­ලෙන් අඟල බට­හිර මිය­න්මා­රය අල්ලති

0
0

බට­හිර මිය­න්මා­රයේ ඉන්දීය දේශ­සී­මාව ආස­න්නයේ පිහිටි කතෝ­ලික ප්‍රදේ­ශ­යක් වන චින් ප්‍රාන්තයේ බලය අත්පත් කර­ග­නි­මින් සිටින එරට කැර­ලි­ක­රු­වන් එම ප්‍රාන්තයේ ප්‍රධාන හමුදා කඳ­වුර ආස­න්න­ය­ටම පැමිණ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බට­හිර මිය­න්මා­රයේ වැඩි බල­යක් අත්කර ගැනී­මට කැර­ලි­ක­රු­වන් සම­ත්වූ­වද, චින් ප්‍රාන්තයේ සිට කිලෝ­මී­ටර් 179ක් දුරින් දකු­ණින් පිහිටි කියු­ක්පියු නග­රයේ බලය රැක ගැනී­මට එරට හමු­දාව සමත් වී ඇති බව වාර්තා වේ. මිය­න්මා­ර­යට ඇතුළු වී සිටින චීන හමු­දාව කියු­ක්පියු ප්‍රදේ­ශයේ පෞද්ග­ලික හමුදා කඳ­වු­රක් ස්ථාපිත කිරීම හේතු­වෙන් දකුණු මිය­න්මා­රයේ පළාත් රැසක් කැර­ලි­ක­රු­ව­න්ගෙන් රැක ගැනී­මට එරට හමු­දා­වට හැකිවූ බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

මිය­න්මා­රයේ සිවිල් ගැටුම් උත්සන්න වන විට දැඩි අව­දා­න­ම­කට ලක්වී තිබූ චීන – මිය­න්මාර ආර්ථික කොරි­ඩෝව ආරක්ෂා කර­ගැ­නීම සඳහා මිය­න්මා­රයේ දේශ­සීමා තුළ චීන ආර­ක්ෂක හමු­දා­වන්ට ක්‍රියා­ත්මක වීමට නීති­මය කට­යුතු සිදු කරන ලෙස චීනය මීට පෙර මිය­න්මාර රජ­යෙන් ඉල්ලා තිබූ බවත්, පසු­ගිය පෙබ­ර­වාරි 18 වැනිදා මිය­න්මා­රය පෞද්ග­ලික ආර­ක්ෂක සේවා නීතිය ක්‍රියා­ත්මක කර­මින් චීන හමු­දා­වට මිය­න්මාර දේශ­සීමා විවෘත කිරී­මෙන් පසු කිලෝ­මී­ටර් 800ක් දිගින් යුතු තෙල් හා ගෑස් නළ මාර්ග ඇතු­ළත් චීන-මිය­න්මාර ආර්ථික කොරි­ඩෝව ආරක්ෂා කර­ගැ­නී­මට මිය­න්මාර හමු­දාව සමත්වූ බවත් වාර්තා වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here