Home Sport News Room : දකුණු පළාත් බැඩ්මි­න්ටන් පිටියේ රනි­ත්මාට ද්විත්ව ශූරතා

News Room : දකුණු පළාත් බැඩ්මි­න්ටන් පිටියේ රනි­ත්මාට ද්විත්ව ශූරතා

0
0

නෙත්මි රත්නා­ය­කට එරෙ­හිව තරග වට 2-0ක ජයක් වාර්තා කර­මින් දකුණු පළාත් විවෘත බැඩ්මි­න්ටන් තර­ගා­ව­ලියේ කාන්තා ශූර­තාව දිනා ගැනී­මට ජාතික බැඩ්මි­න්ටන් ශූරි රනිත්මා ලිය­නගේ සමත් වූවාය.

පිට පිට දෙව­රක්ම ජාතික බැඩ්මි­න්ටන් ශූරිය බවට පත්වූ යොවුන් ක්‍රීඩිකා රනිත්මා ඉන් නොනැ­වතී ප්‍රවීනා විජේ­සු­න්දර සමඟ එක්ව කාන්තා විවෘත යුගල ශූර­තාව දිනා ගනි­මින් මෙවර තර­ගා­ව­ලියේ ද්විත්ව ශූර­තා­වට හිමි­කම් කීමට ද සමත් වූවාය. එම තර­ග­යේදී ඔවුන් හමුවේ ඉරූෂි අමන්දි සහ සඳති දෙව්මිණි තරග වට 2-0කින් පරා­ජ­යට පත්වූහ.

ගාල්ල දඩැල්ලේ දිස්ත්‍රික් ක්‍රීඩා සංකී­ර්ණයේ පසු­ගි­යදා පැවති මේ තර­ගා­ව­ලියේ පිරිමි ශූර­තාව දිනා ගැනී­මට ආශිංස හේරත් සම­ත්වූයේ ඒකල අව­සන් මහා තර­ග­යේදී තරග වට 2-1 කින් තුලිත් පල්ලි­ය­ගුරු පරා­ජ­යට පත් කර­මිනි. රනි­ත්මාට අම­ත­රව ඉන්දු­නී­සි­යානු ක්‍රීඩක මාර්සිලෝ විටෝ­රියෝ ද ද්විත්ව ශූරතා දිනා ගැනීම කැපී පෙනිණි. ඔහු පිරිමි විවෘත යුගල අව­සන් මහා තර­ග­යේදී ඇලන් ධර්ම­රා­ස­පුත්‍ර සමඟ එක්ව ලෝචන ද සිල්වා සහ ආශිංස හේරත් තරග වට 2-1කින් පරා­ජ­යට පත් කළ අතර, විවෘත මිශ්‍ර යුගල අව­සන් මහා තර­ග­යේදී සාරා ක්‍රිස්ටීන් සමඟ එක්ව තරග වට 2-0කින් තිළිණ රාජ­ක­රුණා සහ වරං­ගනා ජය­ව­ර්ධන පරා­ජ­යට පත් කිරී­මට සමත් විය.

ශ්‍රී ලංකා බැඩ්මි­න්ටන් ආය­ත­නයේ අනු­මැ­තිය යටතේ දකුණු පළාත් බැඩ්මි­න්ටන් සංග­මය විසින් මෙහෙ­ය­වනු ලැබූ දකුණු පළාත් විවෘත බැඩ්මි­න්ටන් තර­ගා­ව­ලිය ජාතික ශ්‍රේණි­ගත කිරීමේ පළමු මට්ටමේ තර­ගා­ව­ලි­යක් ලෙස පැවැති අතර, ජය­ග්‍රා­හක ජය­ග්‍රා­හි­කා­වන්ට කුස­ලාන, පද­ක්කම් සහ සහ­ති­ක­ප­ත්ව­ලට අම­ත­රව රුපි­යල් හත්ලක්ෂ පන­ස්ද­හ­සක මුදල් ත්‍යාග පිරි­නැ­මිණි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here