18
දැඩි ආර්ථික අර්බුදයකට මැදිවී සිටින මාලදිවයින ණය පැහැර හැරීමේ අවදානමකට ගොදුරුවෙමින් සිටින බව ඉකොනොමික් ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය. එම වාර්තාවට අනුව මාලදිවයිනේ විදේශීය ණය බර අමෙරිකානු ඩොලර් බිලියන 3.4 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය ප්‍රධාන වශයෙන් චීනයට සහ ඉන්දියාවට ගෙවීමට ඇති ණය ප්‍රමාණය බව ඉකොනොමික් ටයිම්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. වසර 2018 දී ඩොලර් බිලියන 3ක්ව තිබූ විදේශීය ණය පසුගිය 2024 මාර්තු වන විට ඩොලර් බිලියන 8.2 දක්වා ඉහළ ගොස් ඇති අතර, වසර 2029 වන විට ඩොලර් බිලියන 11 දක්වා ඉහළ යනු ඇතැයි අනාවැකි පළවූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මාලදිවයිනේ ආර්ථිකය වර්ධනය කිරීම සඳහා සහන සැලසීමට පසුගිය ජනවාරියේ මාලදිවයින සහ චීනය අතර නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක වූවද, එය අසාර්ථක වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වසරේදි ඩොලර් මිලියන 600ක් සහ 2026 වසරේදී ඩොලර් බිලියනයක් ගෙවීමට මාලදිවයිනට සිදුවී ඇති අතර, එම අභියෝගයට මුහුණ දීම සඳහා එරට රජය චීනය සහ මැදපෙරදිග රටවලින් හදිසි මූල්‍යාධාර අපේක්ෂා කරන බවත් ඉකොනොමික් ටයිම්ස් පුවත් සේවය සඳහන් කළේය.