17
ගවේෂණ චාරිකාවක් සඳහා පසුගිය වසරේදී අභ්‍යවකාශ නැවතුම් මාධ්‍යස්ථානය බලා පිටත් වූ නාසා ආයතනයේ ගගනගාමින් දෙදෙනා වන සුනිතා විලියම්ස් සහ බච් විල්මෝර් මාස 9කට පසු අද ෆ්ලොරිඩා මුහුදු තීරයෙන් පෘථිවියට ගොඩ බැසීමට නියමිත බව නාසා ආයතනය නිවේදනය කර තිබේ. දින අටක කාලසීමාවක් සඳහා පසුගිය වසරේ ජූනි මස 5 වැනිදා අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානයට ගිය එම ගගනගාමීන් දෙදෙනාට නියමිත කාලයේදී යළි පැමිණීමට නොහැකිවී ඇත්තේ ඔවුන් ගමන් ගත් ස්ටාර්ලයිනර් යානයේ හීලියම් ද්‍රාවණ කාන්දුවීමක් සහ තවත් කාර්මික දෝෂ රැසක් හට ගැනීම හේතුවෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සුනිතා සහ විල්මෝර් දෙදෙනා තවත් ගගනගාමින් දෙදෙනකු වන අමෙරිකානු ජාතිකයකු සහ රුසියානු ජාතිකයකු සමඟ ස්පේස් එක්ස් ඩ්‍රැගන් යානයෙන් පෘථිවියට ළඟාවනු ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ඔවුන් රැගත් ස්පේස් එක්ස් යානය අමෙරිකානු වේලාවෙන් අද පස්වරු 5.57ට (ශ්‍රී ලංකා වේලාවෙන් හෙට අලුයම 3.27ට) ගොඩ බැසීමට නියමිත බව නාසා ආයතනය වැඩිදුරටත් නිවේදනය කර තිබේ.