Home World News Room : ‘වොයිස් ඔෆ් අමෙ­රිකා‘ මාධ්‍ය ආය­ත­නය ට්‍රම්ප්ගේ නියෝ­ග­යෙන් වසා දමයි

News Room : ‘වොයිස් ඔෆ් අමෙ­රිකා‘ මාධ්‍ය ආය­ත­නය ට්‍රම්ප්ගේ නියෝ­ග­යෙන් වසා දමයි

0
0

අමෙ­රි­කාවේ පැරැ­ණි­තම හා විශා­ල­තම ජාත්‍ය­න්තර මාධ්‍ය ආය­ත­නය වන ‘වොයිස් ඔෆ් අමෙ­රිකා‘ වසා දැමී­මට ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ විධා­යක නියෝ­ගය ජාත්‍ය­න්තර අව­ධා­න­යට ලක්වී තිබේ. වසර 83ක් පැරැණි එම මාධ්‍ය ආය­ත­නය ලොව පුරා රට­වල් රැසක අති­ශය ජන­ප්‍රි­ය­ත්ව­යට සහ කීර්ති­යට පත්වූ ආය­ත­න­යක් බවත්, එය වසා දමා සේව­ක­යන් 1000කින් සම­න්විත කාර්ය මණ්ඩ­ලය අනි­වාර්ය නිවාඩු යැවීම මේ වන ­විට ආරම්භ කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වොයිස් ඔෆ් අමෙ­රිකා මාධ්‍ය ආය­ත­නයේ කොන්ත්‍රාත් පද­නම මත සේවය කළ කාර්ය මණ්ඩ­ල­ය­කින් සම­න්විත වන අතර, සියලු සේව­ක­යන්ට පසු­ගිය ඉරිදා විද්‍යුත් තැපෑල මගින් ධවල මන්දි­රය දැනුම් දී ඇත්තේ මාර්තු මස 31 වැනි­දා­යින් සේවය අව­සන් කරන බවය. මාධ්‍ය ආය­ත­නයේ සියලු සේව­ක­යන් වහාම වැඩ අව­සන් කළ යුතු බවත්, ආය­ත­නය සතු පරි­ඝ­නක ගත කළ හෝ වෙනත් ලිපි­ගො­නු­ව­ලට පිවි­සීමට අව­සර නොමැති බවත් එම විද්‍යුත් පණි­වු­ඩයේ සඳ­හන් වන බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

වොයිස් ඔෆ් අමෙ­රිකා මාධ්‍ය ආය­ත­නය සමඟ කොන්ග්‍ර­සයේ අනු­මැ­තිය ලත් අමෙ­රි­කානු රජයේ මූල්‍යා­ධාර ලබන ගෝලීය මාධ්‍ය සඳහා වන අමෙ­රි­කානු ඒජ­න්සි­යට ඇතු­ළත් වොයිස් ඔෆ් යුරෝප් සහ රේඩියෝ ෆ්‍රී ඒසියා ඇතුළු ආය­තන 6ක් වසා දැමි­මට ජනාධි­ප­ති­ව­රයා නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. එම සිය­ලුම මාධ්‍ය ආය­තන අමෙ­රි­කානු රජය සතු ස්වාධීන ආය­තන ලෙස ස්ථාපිත කර තිබූ බව ද වාර්තා වේ. දෙවැනි ලෝක මහා යුද සමය අත­ර­තුර 1942 වස­රේදී ආරම්භ කිරී­මෙන් පසු මේ දක්වා මිලි­යන 326ක ජාත්‍ය­න්තර ප්‍රජා­වගේ ආකර්ෂණය දිනා සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here