Home World News Room : හොන්ඩ­රස් දේශයේ ගුවන් අන­තු­ර­කින් 12ක් මරුට

News Room : හොන්ඩ­රස් දේශයේ ගුවන් අන­තු­ර­කින් 12ක් මරුට

0
0

දකුණු අමෙ­රි­කානු රටක් වන හොන්ඩ­රස් රාජ්‍ය­යට අයත් ගුවන් යාන­යක් මගීන් 14 දෙනකු සහ කාර්ය මණ්ඩ­ලයේ තිදෙ­නකු සමඟ මුහු­දට කඩා වැටී පුද්ග­ල­යන් 12 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මිය ගිය අය අතර එරට ජන­ප්‍රිය ගාය­ක­යකු වන ඔරේ­ලියෝ මාටි­නන්ස් ද සිටි බව වාර්තා වේ. පෙරේදා රාත්‍රියේ රෝටන් දූපතේ සිට ලා සෙයිබා ගුව­න්තො­ටු­පොළ දක්වා ගමන් ආරම්භ කිරී­මත් සමඟ එම ගුවන් යානා අන­තුර සිදුවී ඇති අතර,  එරට ගිනි නිවන ඒක­කය සහ වෙර­ළා­ර­ක්ෂක බළ­කාය එක්ව සිදු කළ මෙහෙ­යු­ම­කින් කාර්ය මණ්ඩ­ලයේ සාමා­ජි­ක­ය­කුගේ ඇතුළු මළ සිරුර 12ක් සොයා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. මුහු­දට කඩා වැටුණු ගුවන් යානයේ සිටි සෙසු මගීන් 5 දෙනා  බේරා ගැනී­මට මෙහෙ­යුම් කණ්ඩා­යම් සමත් වූ බව ද වාර්තා වේ. අන­තු­රට හේතුව තාක්ෂ­ණික ගැට­ලු­වක් බව මූලික විම­ර්ශ­න­යේදී හෙළි වී තිබේ.

 

The post හොන්ඩ­රස් දේශයේ ගුවන් අන­තු­ර­කින් 12ක් මරුට appeared first on දිනමිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here