Home World News Room : 6 වැනි දිනයටත් තුර්කියේ විරෝධතා

News Room : 6 වැනි දිනයටත් තුර්කියේ විරෝධතා

0
0

දූෂණ වංචා සහ ත්‍රස්තවාදීන්ට සහාය දීම වැනි චෝදනා රැසක් මත ඉස්තාන්බුල් නුවර නගරාධිපති එක්රාම් ඉමාමොග්ලු අත්අඩංගුවට ගැනීමට එරෙහිව තුර්කිය පුරා ව්‍යාප්ත වී ඇති මහජන විරෝධතා 6 වැනි දිනයටත් අඛණ්ඩව පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රට පුරා විරෝධතා පතුරුවාලමින් සාමය බිඳ දැමීමට කටයුතු කළ බවට ජනාධිපති රිසෙප් ටයිබ් ඒඩොගන් එරට විපක්ෂයට චෝදනා එල්ල කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. අන්කාරා අගනුවරදී ජනතාව ඇමතූ ජනාධිපතිවරයා විරෝධතාව අවසන් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ජනාධිපතිවරයාට ප්‍රතිචාර දක්වමින් විපක්ෂය නිවේදනය කර ඇත්තේ සාමකාමී ලෙස විරෝධතාවේ නිරත වූ ජනතාවට පොලීසිය විසින් කඳුළු ගෑස් සහ බැටන් පොලු ප්‍රහාරයක් එල්ල කිරීමට පියවර ගැනීම හේතුවෙන් එය ප්‍රචණ්ඩ ස්වරූපයකට හැරුණු බවය.

අත්අඩංගුවට පත්වූ තුර්කියේ ඉස්තාන්බුල් නුවර නගරාධිපති එක්රාම් ඉමාමොග්ලු එරට ප්‍රධාන විපක්ෂයේ මිළඟ ජනාධිපති අපේක්ෂක ලෙස නිල වශයෙන් නම් කර තිබේ. මේ සඳහා පසුගියදා පැවැති පක්ෂ මට්ටමෙන් අපේක්ෂකයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේදී 53 හැවිරිදි ඉස්තානාබුල් නගරාධිපතිවරයාට එම පක්ෂයේ මිලියන 1.7ක ඡන්දදායකයන් අතරින් ඡන්ද මිලියන 1.6ක් ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

The post 6 වැනි දිනයටත් තුර්කියේ විරෝධතා appeared first on දිනමිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here