14
ඉබ්බාගමුව මධ්‍ය විදුහල සහ කුරුණෑගල මලියදේව ආදර්ශ මහා විදුහල අතර 13 වැනි වරට සංවිධාන කරන ‘ඇත් මහා සටන’ වාර්ෂික ක්‍රිකට් තරගය හෙට (2) කුරුණෑගල වෙලගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.
ඇත් මහා සටන මෙතෙක් දෙදින තරගයක් ලෙස පැවති අතර මේ වසරේ සිට තෙදින තරගයක් ලෙස පැවැත්වීම විශේෂත්වයකි. ඒ අනුව මේ තෙදින ක්‍රිකට් තරගය කුරුණෑගල පාසල් දෙකක් අතර පැවැත්වෙන ප්‍රථම ක්‍රිකට් තරගය ලෙස සැලකේ.
මෙතෙක් පැවති තරග සියල්ල ජය පරාජයෙන් තොරව නිමාවී ඇති බැවින් මෙවර සිය මංගල ජය වාර්තා කිරීම කණ්ඩායම් දෙකෙහිම අරමුණ වී තිබේ.
මෙවර තරගයේදී මලියදේව ආදර්ශ කණ්ඩායමේ නායකයා ලෙස ඉඳුවර රත්නායකත්, ඉබ්බාගමුව නායකයා ලෙස මලිත් නෙත්සිරිත් කටයුතු කරති.
මේ තරගයට සමගාමීව පැවැත්වෙන දෙපිල අතර 13 වැනි එක්දින තරගය මේ මස 6 වැනිදා වෙලගෙදර ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය. මෙතෙක් පැවති තරග අතරින් 8ක් ජය ගැනීමට ඉබ්බාගමුව විදුහල සමත්ව ඇති අතර, ආදර්ශ විදුහල ජය ගෙන ඇත්තේ තරග 2ක් පමණි. තරග 2 ක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ.
කුරුණෑගල අතිරේක
පුෂ්පකුමාර ජයරත්න