Home Sport News Room : වසර 22කට පසු ශ්‍රී ජයවර්ධනපුර විදුහල කෝට්ටේ හටන ජයගනී

News Room : වසර 22කට පසු ශ්‍රී ජයවර්ධනපුර විදුහල කෝට්ටේ හටන ජයගනී

0
0

කෝට්ටේ සී.එම්.එස්. ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල හා සාන්ත තෝමස් විදුහල අතර පැවති කෝට්ටේ හටන මහා ක්‍රිකට් තරගයේ ජය වසර 22 කට පසු කෝට්ටේ සී.එම්.එස්. ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල සතු විය. කොළඹ කෝල්ට්ස් පිටියේ පැවති මේ තෙදින තරගයෙන් කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල ලකුණු 119ක ජයක් ලබා කේ.ජේ. රණසිංහ ශූරතා පලිහ සතුකර ගත්තේය.

46 වැනි වරටත් පැවති මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් සී.එම්.එස්. ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල පළමු ඉනිමේදී ලකුණු 245ක් ලබා ගත් අතර, සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම ලකුණු 107කට සීමා විය. ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල පළමු ඉනිමේදී ලකුණු 138ක් ඉදිරියෙන් සිටි අතර, දෙවැනි ඉනිමේදී ඔවුහු ලකුණු 150ක් සමඟින් ලකුණු 288ක ඉලක්කයක් සාන්ත තෝමස් කණ්ඩායමට ලබා දුන්හ.

එම ඉලක්කය හමුවේ සාන්ත තෝමස් කණ්ඩායමට දෙවැනි ඉනිමේදී සියල්ලන් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 169ක් පමණි.

2003 වසරේදී පැවති මහා ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය කෝට්ටේ සාන්ත තෝමස් විදුහල සතුවූ අතර, ඉන් පසුව පැවති තරග සියල්ලම ජය පරාජයෙන් තොරව අවසන්ව තිබිණි.

මේ තරගයේ වීරයා ලෙස ශ්‍රී ජයවර්ධනපුර පිල වෙනුවෙන් පළමු ඉනිමේදී ලකුණු 98ක් රැස් කරමින් සහ පන්දු යැවීමෙන් කඩුලු 4ක් බිඳ දැමූ සචින් ශෙහාන් සම්මාන දිනාගත් අතර, දක්ෂතම පිතිකරු ලෙස සදිල් ඩයස් (සා. තෝමස්), දක්ෂතම පන්දු යවන්නා ලෙස පසිඳු පිංසර (ශ්‍රී ජයවර්ධනපුර) සහ දක්ෂතම පන්දු රකින්නා ලෙස රසල් වීරක්කොඩි (ශ්‍රී ජයවර්ධනපුර) සම්මාන දිනා ගත්හ.

ඡායාරූපය-රංජිත් අසංක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here