12
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තුළ සේවය කළ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් 1000කට අධික සංඛ්‍යාවකට මූල්‍ය වංචා සම්බන්ධ පැමිණිලි තිබෙන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සම්බන්ධයෙන් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයන්ට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.
පැමිණිලි තිබෙන පුද්ගලයන්ට එරෙහිව විනය පරීක්ෂණයන් සිදු කරන බවත් ධාවනය කළ නොහැකි බස්රථ 200ක් පමණ මේ වසර තුළ අලුත්වැඩියා කර නැවත ධාවනයට එක් කිරීමට අපේක්ෂා කරන බවත් ඇමැතිවරයා පැවසුවේය.
තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු ඩිපෝ 107ක් ද, උප ඩිපෝ 6ක් ද, අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවා 1ක් ද, බස් රථ ගාල් 3ක් ද පවතින බවත් ලාබ ලබන ඩිපෝ 54ක් සහ පාඩු ලබන ඩිපෝ 55ක් ද පවතිනවා.