Home World News Room : අමෙරිකාවට තීරුබදු පැනවූ චීනයට යළි 50%ක අතිරේක තීරුබද්දක්

News Room : අමෙරිකාවට තීරුබදු පැනවූ චීනයට යළි 50%ක අතිරේක තීරුබද්දක්

0
0

අමෙරිකාවේ භාණ්ඩ ආනයනයට චීනය විසින් පනවනු ලැබූ 34%ක තීරුබද්ද වහාම ඉවත් නොකරන්නේ නම් චීනයෙන් ගෙන්වනු ලබන භාණ්ඩ සඳහා නැවත 50%ක අතිරේක බද්දක් පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඩොනල්ඩ් ට්‍රම්ප් එවැනි පියවරක් ගැනීමෙන් චීනයෙන් භාණ්ඩ ආනයනය කරන අමෙරිකානු සමාගම්වලට 104%ක තීරුබද්දකට යටත් වීමට සිදුවනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

අමෙරිකාවේ තීරුබදු ප්‍රතිපත්තියට එරෙහිව පළිගන්නා ඕනෑම රටකට වහාම සැලකිය යුතු ලෙස ඉහළ තීරුබද්දකට මුහුණ දිමට සිදුවනු ඇතැයි ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර සියලු රටවලට අනතුරු අඟවා තිබූ බවත්, චීනය ඊට එරෙහිව ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් 50%ක අතිරේක තීරුබද්දක් පැනැවීමට පියවර ගන්නා බවත් ටෘෘත් සමාජ මාධ්‍යජාලයේ සිය ගිණුම ඔස්සේ ඩොනල්ඩ් ට්‍රම්ප් මේ අනතුරු ඇඟවීම සිදු කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ලොව විශාලතම ආර්ථික බලවතුන් දෙදෙනා වන අමෙරිකාව සහ චීනය අතර උත්සන්න වී ඇති තීරුබදු අර්බුදය ගෝලීය වෙළෙඳ යුද්ධයක් දක්වා වර්ධනය වනු ඇතැයි ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අඟවා ඇතැයි ද වාර්තා වේ.

The post අමෙරිකාවට තීරුබදු පැනවූ චීනයට යළි 50%ක අතිරේක තීරුබද්දක් appeared first on දිනමිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here