Home World News Room : ඇමරිකාවේ 104% තීරුබදු පැනවීමට එරෙහිව දැඩි විරුද්ධ පියවර ගන්නා...

News Room : ඇමරිකාවේ 104% තීරුබදු පැනවීමට එරෙහිව දැඩි විරුද්ධ පියවර ගන්නා බව චීනය කියයි

0
0

ඇමරිකාව චීනයට 104% තීරුබදු පැනවීමට එරෙහිව චීනය බලවත් ප්‍රතිපියවර ගන්නා බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian අද (09) පස්වරුවේ පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය.

චීන ජනතාවගේ නීත්‍යානුකූල අයිතිය අහිමි කළ නොහැකි බවත්, චීනයේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන අවශ්‍යතාවලට හානි කළ නොහැකි බවත් ඔහු එහිදී අවධාරණය කළේය. තම නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා චීනය ස්ථිර සහ බලවත් විරුද්ධ ක්‍රියාමාර්ග අඛණ්ඩවම ගනු ඇතැයි ඔහු කීය.

ඇමරිකාව අඛණ්ඩව හිතාමතාම චීනයට දැඩි පීඩන එල්ල කිරීම හිරිහැර කිරීමක් බව ඔහු පෙන්වා දුන්නේය. අවංකව සංවාදයෙන් ගැටලුව විසඳීමට ඇමරිකාව බලාපොරොත්තු වේ නම්, සමානාත්මතාවය සහ ගරු කිරීම සහිත අන්‍යෝන්‍ය ජයග්‍රාහී ආකල්පයක් අනුගමනය කළ යුතුව ඇත. ඇමරිකාව දෙරටේ මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවගේ අවශ්‍යතා නොසලකා හරිමින් තීරුබදු හා වෙළඳ යුද්ධයක් දියත් කිරීමෙහි නියැළී සිටින්නේ නම් චීනය අවසන් මොහොත දක්වා ඊට සටන් කරනු ඇතැයි Lin Jian අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here