Home Politics News Room : පරාටේ නීතිය අක්‍රිය කිරීම යළි දීර්ඝ නොකිරීමට ආණ්ඩුව තීරණය...

News Room : පරාටේ නීතිය අක්‍රිය කිරීම යළි දීර්ඝ නොකිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා

0
0

බැංකු මඟින් ලබාදී ණය නොගෙවන කර්මාන්තකරුවන්ගේ දේපොළ වෙන්දේසි කිරීමට අදාළව පවතින පරාටේ නීතිය අක්‍රිය කිරීම යළි දීර්ඝ නොකිරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැති හර්ෂණ සූරියප්පෙරුම මහතා මෙසේද පැවසීය. බොහෝ දෙනාගේ ඉල්ලීම අනුව එම නීතිය පසුගිය රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පසුගිය මස 31 වැනිදා දක්වා අත්හිටුවා තිබූ අතර, එම නීතිය නැවතත් ක්‍රියාත්මක වන බැවින් කර්මාන්තකරුවන්ට මුහුණපෑමට සිදුවන ගැටලු සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය. ඊට පිළිතුරු ලබා දුන් නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේ පරාටේ නීතිය යටතේ ලබාදී තිබූ බලතල අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කර නෑ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here