Home Politics News Room : අපි බාල ඖෂධ ගැන හෙළිකරන විට CIDය කෙහෙළියලාව අධිකරණයට...

News Room : අපි බාල ඖෂධ ගැන හෙළිකරන විට CIDය කෙහෙළියලාව අධිකරණයට ගෙන ආවා

0
0

අපි බාල ඖෂධ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂණ වංචා හෙළිදරවු කරන විට, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අපි අනාවරණය කළ කරුණු වගේම අපි අනාවරණය නොකරපු කරුණු පිටුපස ගොස් ඉතා සාර්ථකව විමර්ශන සිදුකර කෙහෙළිය ඇතුළු බොහෝ දෙනෙක් අධිකරණයට ගේන්න කටයුතු කළා යැයි සමගි ජන බලවේගයේ රත්මලාන ආසන සංවිධායක වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් රත්මලාන ආසන සංවිධායක වෛද්‍ය චමල් සංජීව මහතා මේ බව සඳහන් කළේය. ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

‘‘බදු අඩුකරණයේදී ආණ්ඩුව ග්‍රාමීය මට්ටමේ ඉඳලා දක්වන අසමත්භාවය ඉතා දැඩි ලෙස ජනතාව ඉදිරියේ දෘශ්‍යමාන වෙලා තිබෙනවා. අද වන විට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධව, බාල ඖෂධ සම්බන්ධව මේ රටේ වෘත්තීය හා සිවිල් සංවිධාන පාරේ සටන් කරලා, අරගල කරලා ඉතා සාර්ථක නඩුවක් ගොනු කරන්න පුළුවන් වුණා. මේ ආණ්ඩුව පැමිණ මේ වනවිට මාස 6ක පමණ කාලයක් ගත වී තිබෙනවා. නමුත් අදටත් මේ ආණ්ඩුව හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව අධිචෝදනා පත්‍රය මහාධිකරණයට ගෙන එන්නට අසමත් වෙලා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here