Home Politics News Room : කන්තලේ කොට්ඨාස දහතුනේම ජා.ජ.බ ජය නියතයි

News Room : කන්තලේ කොට්ඨාස දහතුනේම ජා.ජ.බ ජය නියතයි

0
0

මෙවර කන්තලේ ප්‍රාදේශීය සභාව ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය ස්ථිර කර දීමට ජනතාව පෙළගැසී ඇති බැවින් අනිවාර්යයෙන්ම කොට්ඨාස දහතුනම ජයග්‍රහණය කරනවා යැයි ජාතික ජන බලවේගයේ කන්තලේ මන්ත්‍රී ධුර අපේක්ෂක ඉන්දික ප්‍රියදර්ශන පරණවිතාන මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

“අය වැයෙන් රාජ්‍ය සේවකයන්ගේ ඉඳලා ව්‍යවසායකයන්ගේ ජීවන මට්ටම යහපත් මට්ටමකට ඇති කරලා තියෙනවා. වී මිලට සාධාරණ මිලක් මේ සැරේ ගොවීන්ට ලැබුණා. ඒ නිසා ගොවීන්ගේ අතමිට සරු වෙලා රුපියල් ලක්ෂයට අඳේට දුන්නු කුඹුර මේ සැරේ රුපියල් 125,000ට ගියා. ඒ වගේම වී මිටි දහයට දොළහට අඳේට දුන්නු කුඹුරු වී මිටි දොළහ දාහතර දක්වා ඉහළ ගණන්වලට ගියා. ඒ තත්ත්වයට ගොවීන්ට අවස්ථාව උදා වුණේ වී මිලට සාධාරණ මිලක් මේ ආණ්ඩුවෙන් ලැබුණු නිසා. ඒ නිසා පෞද්ගලික වෙළෙඳුන්ට වී කුණු කොල්ලෙට ගන්න මේ සැරේ අවස්ථාව නොලැබී ගියා. ඒ නිසා තමයි වී මාෆියාවක් ඇති කරන්න මේ අය උත්සාහ ගත්තේ. කන්තලේ සීනි කම්හල ලබන වසරේ ආරම්භ කරනවා. ඒ සඳහා දේශීය ආයෝජකයන් රැසක් ඉදිරිපත් වෙලා ඉන්නවා. කැබිනට් අනුමැතිය ලැබුණු විගස ආයෝජකයකුට මෙම කම්හල ලබා දීමට රජය බලාගෙන ඉන්නේ. ලබන වසර වෙනකොට මේක පටන් ගන්නවා ස්ථිර වශයෙන්ම.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here