Home World News Room : කරච්චි නුවර වීදි අපරාධ වසංගතයක්

News Room : කරච්චි නුවර වීදි අපරාධ වසංගතයක්

0
0

පාකිස්තානයේ සින්ද් ප්‍රාන්තයේ අගනුවර ලෙස සැලකෙන කරච්චි නගරයේ දිනෙන් දින වීදි අපරාධ ඉහළ යෑමෙන් අපරාධ වසංගත තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ටයිම්ස් ඔෆ් කරච්චි පුවත් සේවය වාර්තා කළේය. මෝටර් රථ, යතුරුපැදි හා ජංගම දුරකතන සොරාගැනීම් සහ නිවාස බිඳීම් ඇතුළු විවිධ අපරාධ හේතුවෙන් නගරයේ ජන ජීවිතය ව්‍යාකූලත්වයට පත්වී ඇතැයි ද ටයිම්ස් ඔෆ් කරච්චි පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. මේ වසරේ පළමු මාස 2 ඇතුළත පමණක් නගරයේ වීදි අපරාධ 10,356ක් සිදුවී ඇතැයි ද, ඉන් වැඩි අපරාධ සංඛ්‍යාවක් විසඳීමට පොලීසිය අසමත් වී ඇතැයි ද එම පුවත් සේවය සඳහන් කරයි.

සොරා ගැනීම් සහ නිවාස බිඳීම්වලට අමතරව ප්‍රචණ්ඩ ක්‍රියා රැසක් ද නගරයේ නිරන්තරයෙන් සිදුවන බවත්,, මෑතකදී නිකුත් වූ වාර්තාවකට අනුව පුද්ගලයන් 12 දෙනකු ඝාතනයට ලක්වී ඇති බවත් වාර්තා වේ. පසුගිය වසරේදී කරච්චි නුවර 72,000කට අධික වීදි අපරාධ සිදුවී ඇති අතර, නගරයේ සිවිල් වැසියන් හා පොලීසිය ඒකාබද්ධ ආරක්ෂක කමිටුවේ දත්ත වාර්තාවලට අනුව එම වසරේදී මෝටර් රථ 1,913ක් පැහැර ගැනීමට හෝ සොරා ගැනීමට ලක්වී ඇතැයි ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here