Home Politics News Room : කුමන පනතක් හෝ පාවිච්චි කරමින් ජනතාව පීඩාවට පත් කරන්නේ නැහැ

News Room : කුමන පනතක් හෝ පාවිච්චි කරමින් ජනතාව පීඩාවට පත් කරන්නේ නැහැ

0
0

කුමන පනතක් හෝ පාවිච්චි කරමින් රටේ ජනතාව පීඩාවට පත් කරන්න වත්මන් ආණ්ඩුව කිසිඳු අවස්ථාවක ක්‍රියා කරන්නේ නැතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09) ප්‍රකාශ කළේය.

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ වසන්ත සමරසිංහ මහතා මෙසේද පැවසීය.

“මේ රටේ දරුවන්ට කිසිදු භේදයකින් තොරව අධ්‍යාපන අයිතීන් ආරක්ෂා කරන්න කටයුතු කරනවා. රටේ ජනතාව වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. සියලු දෙනා වෙනුවෙන් අධ්‍යාපනය ලබාදීමේ අයිතිය වෙනුවෙන් පෙනී ඉන්නවා. දරුවන්ගේ අධ්‍යාපන අයිතිය පිළිබඳව කුමන හෝ බාධාවක් තිබෙනවා නම් අපි ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්නවා. මේ රටේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අපිට වගකීමක් තිබෙනවා. එක්තරා දරුවකු වෙනුවෙන් සිදුව තිබෙන අසාධාරණය කුමක් ද? ඒ පිළිබඳව අපි සොයා බලනවා. මේ රටේ ඕනෑම අයෙකු, විදේශිකයකුගේ ආරක්ෂාව වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. කුමන පනතක් හෝ පාවිච්චි කරමින් ජනතාව පීඩාවට පත්කරන්න වත්මන් රජය කිසිදු අවස්ථාවක ක්‍රියා කරන්නේ නැහැ. අපේ රජය ක්‍රියාත්මක කළ යහපත් බදු ප්‍රතිපත්ති තිබෙනවා.

කිරි ආහාර වෙනුවෙන් බදු සරල කිරීම තුළ දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් යහපත් තත්ත්වයක් නිර්මාණය කරනවා. මේ බදු පනත් කෙටුම්පතට අදාළව අපි සංශෝධන කිහිපයක් සිදුකරනවා. මේ කරුණු අපේ සමාජයටත් වැදගත් වෙනවා. එකතු කළ අගය මත බදු සංශෝධනය විශේෂ කාර්යයක් කරනවා. අමෙරිකාව හෙට තවත් එකක් කරන්නේ නම් අපි කුමක්ද කරන්නේ. කෙසේ නමුත් අපි ව්‍යාපාරිකයන්, නිෂ්පාදකයන් ආරක්ෂා කරගන්න පියවර ගතයුතු වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here