8
මෑත කාලයේ චීනයේ සිදුවූ ආර්ථික පසුබැස්ම හේතුවෙන් එරට අවන්හල් ක්ෂේත්රය දැඩි පීඩනයකට ඇද වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චීනයේ මන්දගාමී ආර්ථික තත්ත්වය මත පාරිභෝගිකයන් අවන්හල්වලින් ආහාර ගැනීමෙන් වැළකී සිටීම ඊට හේතු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. එරට අවන්හල් ක්ෂේත්රය සඳහා උපකරණ හා ආහාර සැකසුම් යන්ත්‍ර ආදි භාණ්ඩ අමෙරිකාවෙන් ආනයනය කරන බවත්, ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තියෙන් එල්ල වන දැඩි බලපෑම් හමුවේ එරට අවන්හල් වැසී යෑම තවදුරටත් ඉහළ යනු ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි. පසුගිය වසරේදී පමණක් චීනයේ විවිධ අවන්හල් මිලියන 3කට ආසන්න සංඛ්‍යාවක් වසා දැමීමට සිදුවී ඇති අතර, බොහෝ දුරට සිය ආහාර සඳහා අවන්හල් භාවිත කරන එරට මධ්‍යම පාන්තිකයන්ගේ එදිනෙදා වියදම් ඉහළ යෑමත්, ආදායම් තත්ත්වය ප්‍රමාණවත් නොවීමත් හේතුවෙන් මේ තත්ත්වය උදා වූ බව වාර්තා වේ. ෂැංහායි, බීජිං, ගුවැන්ෂූ සහ ෂෙන්සේන් වැනි ප්‍රධාන නගරවල පවා මාසිකව අවන්හල් වැසීයෑම 10% ඉක්මවා ඇති බවත්, ඇතැම් මාසවලදී එම තත්ත්වය 15% දක්වා ඉහළ ගොස් තිබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.