Home Politics News Room : මහජන නියෝජිතයන් මුවාවෙන් එන හොරුන්ට ප්‍රාදේශීය ඡන්දයේදී දොර වහන්න

News Room : මහජන නියෝජිතයන් මුවාවෙන් එන හොරුන්ට ප්‍රාදේශීය ඡන්දයේදී දොර වහන්න

0
0

මහජන නියෝජිතයන්ගේ මුවාවෙන් එන හොරුන්ට, වංචනිකයන්ට මෙවර පළාත් පාලන මැතිවරණයේදී දොර වැසිය යුතු බව කුරුණෑගල මහනගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරගවදින අපේක්ෂක පියල් කැප්පෙටිවලාන මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීය

Òමම පාරම්පරිකව මේ රටේ ප්‍රසිද්ධ වාමාංශික දේශපාලන පවුලක සාමාජිකයෙක්. මම ව්‍යාපාරිකයකු විදිහට කිසිසේත්ම දේශපාලනයට පැමිණීමට අදහස් කරපු කෙනෙක් නොවෙයි. නමුත් පසුගිය කාලයේදී කුරුණෑගල මහ නගර සභාවට වගේම කුරුණෑගල නගරයට කරලා තියෙන හානිය දැක්කාම ඒ කුණු ගොඩවල් පිරිසුදු කරන්න ඕනෑ කියන පරමාර්ථය ඇතිව තමයි මම දේශපාලනය කරන්න ආවේ. ඒ නිසා තමයි වාමාංශික දේශපාලන පවුලක වුණත් මම කුරුණෑගල මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් හෝ තරග කරන්න තීරණය කළේ. අනෙක් සෑම පක්ෂයකින්ම මේ මැතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්නේ පසුගිය කාලයේදී කුරුණෑගල ම‍හ නගර සභාව විනාශයට පත් කරපු පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්. එම නිසා එවැනි පක්ෂ සමග අපට එකතු වෙන්න බැහැ. ඇත්තටම ඔවුන් ලජ්ජා විය යුතුයි. නැවත වරක් ජනතාව ඉදිරියට ගිහිල්ලා ජන්දයක් ඉල්ලන්න. ඔවුන් කරපු හානිය ජනතාව හොඳට දන්නවා.

කුරුණෑගල මහ නගර සභාවට වින කරපු පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් මේපාර තමන්ගේ දූෂිත සළුපිළි ඉවත් කරලා කුරුණෑගල මහජනතාව හමුවට එන්නේ සුදු හැඳගත්තු උපාසක මහත්තුරු පිරිසක් වගෙයි.

ඒ නිසා නැවත වරක් මේ පිරිසට රැවටිලා ඔබ ගෙවන වටිනා බදු මුදල විනාශ කරගන්නවාද කියලා නාගරික ජනතාව මේ පාර ඉතා බුද්ධිමත්ව සිතා බැලිය යුතුයි.Ó

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here