4
ජන ක්‍රීඩා සම්මේලනය (Ethnosport Federation) හා කොට්ටපොර සංවර්ධන කමිටුව එක්ව සංවිධාන කරන දෙවැනි ජාතික කොට්ටපොර ශූරතාවලිය ලබන මස 17 වැනිදා වාද්දුව පොලිස් ස්ථාන භූමියේදී පැවැත්වේ.
මේ තරගාවලියට සමගාමීව එම සම්මේලන සමඟ එක්ව මාස් රෙස්ලින් කමිටුව සහ ආම් රෙස්ලින් කමිටුව සංවිධාන කරන විවෘත මාස් රෙස්ලින් ශූරතාවලිය සහ විවෘත ආම් රෙස්ලින් ශූරතාවලියත් එදිනම වාද්දුවේදී පැවැත්වීමට නියමිතය.
කොට්ටපොර තරග පිරිමි සහ කාන්තා විවෘත ලෙස පැවැත්වෙන අතර, පිරිමි තරග බර පන්ති කිලෝග්‍රෑම් 50, 60, 70, 80, 90, 100 සහ 100ට වැඩි ලෙසත්, කාන්තා තරග කිලෝග්‍රෑම් 57, 70 සහ 70ට වැඩි ලෙසත් සංවිධාන කෙරේ.
කොට්ටපොර ශූරතාවලියේ කේවල ඉසව් සඳහා රන් පදක්කම් සඳහා රු. 7,500 සිට 20,000 දක්වා පිරිනැමෙන අතර, රිදී පදක්කම් සඳහා රු. 5,000 සිට 15, 000 දක්වා සහ ලෝකඩ පදක්කම්වලට 3,000 සිට 10,000 දක්වා මුදල් ත්‍යාග පිරිනැමෙන බව සංවිධායකයෝ පවසති. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට කුසලාන සමඟ සහතිකපත් ද පිරිනැමීමට නියමිතය.
මිශ්‍ර කණ්ඩායම් තරග සඳහා රන් පදක්කමකට රු. 7,500ක්, රිදී පදක්කමකට රු, 5,000ක් සහ දක්ෂතම කණ්ඩායමට කුසලානය සමඟ සහතිකපත් හිමිවේ.
අවුරුදු 18ට වැඩි තරගකරුවන්ට මේ සඳහා ඉල්ලුම් කළ හැකි අතර, වෛද්‍ය වාර්තාව රැගෙන පැමිණිය යුතු බවට සංවිධායකයෝ දැනුම් දී තිබේ. මිශ්‍ර කණ්ඩායම සඳහා ක්‍රීඩකයන් 3ක් සහ ක්‍රීඩිකාවන් 2ක් (අතිරේක ක්‍රීඩකයෙක්, ක්‍රීඩිකාවක නම් කළ හැකිය) වශයෙන් සැදුම්ලත් විය යුතුය. මේ අතර විවෘත ආම් රෙස්ලින් ශූරතාවලි කිලෝග්‍රෑම් 65, 85 සහ 85ට වැඩි (දකුණත්) බර පන්ති ලෙසත්, විවෘත මාස් රෙස්ලින් ශූරතාවලිය කිලෝග්‍රෑම් 55, 75, 95 සහ 95ට වැඩි බර පන්ති ලෙසත් පැවැත්වේ.
ශූරතාවලි ත්‍රිත්වය සඳහා අයදුම්පත් ලබන මස 10 වැනි දිනට පෙර එත්නෝ ක්‍රීඩා සම්මේලනය, අංක 91, ‘ජන නැඟුම‘ මොරොන්තුඩුව හංදිය, මොරොන්තුඩුව, වාද්දුව ලිපිනයට හෝ, ethnosportsrilanka@gmail.com විද්‍යුත් තැපෑල හෝ 0785167721/ 0717694433 (වට්ස්ඇප්) වෙත යොමු කළ යුතු අතර, වැඩි විස්තර ඉහත දුරකතන අංක ඔස්සේ වට්ස්ඇප් මඟින් උදිත පීරිස් මහතාගෙන් මඟින් ලබාගත හැකිය.