12
හොඳ ජනාධිපති කෙනෙක් පත් කර, හොඳ පාර්ලිමේන්තුවක් හදා, ප්‍රාදේශීය සභාව පට්ට හොරකුට භාර දෙනවාද යන්න ජනතාව තීරණය කළ යුතු බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසීය.
ඇමැතිවරයා මේ බව පැවැසුවේ පෙරේදා (26) තිස්සමහාරාමයේ පැවැති ජන හමුවකට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීවේය.
“2024 ජනාධිපතිවරණයේ ඔබ කළ විප්ලවය ඔබට තේරෙන්නෙත් නෑ. අපට තේරෙන්නෙත් නෑ. ඒක තේරුම් ගන්න වෙන්නේ මේ ප්‍රතිඵල එනකොටයි. ඔබට ඒක සහතිකයක් දී තියෙනවා. මේ රට අපි හදනවා. ඔබ හැමෝටම යන්න ගෙයක් තියෙනවා.
මේ රටේ ජනාධිපති රැස්වීම් ඉවර කරලා කොහෙද යන්නේ? ජනාධිපති මන්දිරයටද? නෑ. ගෙදරකුත් නෑ. ජනාධිපති වෙන්න කලින් හිටියෙත් අපේ පැලවත්ත ඔෆිස් එකේ, පොඩි කාමරයක. ජනාධිපති වෙලත් ඉන්නේ ඒ කාමරේමයි. අපේ ජනාධිපති සහෝදරයා වැඩට යන්නෙ ඔෆිස් එකේ ඉඳලා. අපි අපේ ගෙවල්වල ඉන්නවා. ඇමැතිකම් නැති කාලෙ හිටපු විදියට අපි ඉන්නවා. හොඳ ජනාධිපති කෙනෙක් කරලා, හොඳ පාර්ලිමේන්තුවක් හදලා, ප්‍රාදේශීය සභාව පට්ට හොරකුට භාර දෙනවාද? ඒක හරියට අලියා අරගෙන හෙණ්ඩුව අත ඇරියා වගේ වැඩක්.”
නෙරංජලා වික්‍රමසිංහ